තෙමසකින් නව කථානායකවරයෙක් - කරු
වර්තමානයේ ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව ලොව ආදර්ශමත් පාර්ලිමේන්තුවක් බවත් එම තත්වය ඉදිරියට ගෙන යන ලෙස තව තෙමසකින් පත්වන නව කථානායකවරයාගෙන් ඉල්ලා සිටින බවත් කථානායක කරු ජයසූරිය මහතා පැවැසීය.
පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ දරුවන් වෙනුවෙන් නව වසරට පාසල් උපකරණ සහ අධ්‍යාපනික ශිෂ්‍යත්ව පිරිනැමීම සඳහා අද (30දා) පාර්ලිමේන්තුවේ පැවති විශේෂ උත්සවයක් අමතමින් කථානායකවරයා මේ බව පැවැසීය.
2015 සැප්තැම්බර් මස ආරම්භ වුණු ශ්‍රි ලංකාවේ 08 වන පාර්ලිමේන්තුව වන වර්තමාන පාර්ලිමේන්තුව ගෙවී ගිය කාලය තුළ ඉටුකළ සේවය ගැන සතුටු විය හැකි බවත්, ප්රජාතන්ත්රවාදය ස්ථාපිත කිරිමට විශාල වැඩ කොටසක් එතුළින් ඉටුව ඇති බව ලෝකයේ පිළිගැනීම බවත්, කථානායක කරු ජයසුරිය මහතා පැවසීය.
නිදහස ලබන විට ලොව ශක්තිමත් ආර්ථිකයක් හිමිව සිටි ශ්‍රි ලංකාව වර්තමානයේදී පත්ව ඇති තත්වය පිළිබඳව සතුටු විය නොහැකි බව පෙන්වා දුන් කරු ජයසුරිය මහතා සඳහන් කළේ එයට ප්‍රධානත ම හේතුවක් වුයේ ජාති, ආගම් වශයෙන් ඇති වු අසමඟිය බවයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

