තමීම් හා ලිටන්ගේ වාර්තා ගොන්න ශ්‍රී ලංකාවේ වාර්තාවකුත් අබිබවයි
සංචාරක සිම්බාබ්වේ සමගින් පැවැත්වෙන තෙවැනි එක්දින තරගයේදී බංග්ලාදේශ ආරම්භක පිතිකරුවන් වන තමීම් ඉක්බාල් හා ලිටන් දාස් පළමු කඩුල්ල වෙනුවෙන් ලකුනු 331 ක සබඳතාවත් පැවැත්වීමට සමත්වූහ. මෙම සබඳතාව බංග්ලාදේශ පිතිකරුවන් දෙදෙනෙකු විසින් එක්දින තරගයකදී ඕනෑම කඩුල්ලක් සඳහා වාර්තා කළ ඉහළම ලකුනු සබඳතාව වේ. එමෙන්ම එය එක්දින තරගයක පළමු කඩුල්ල වෙනුවෙන් වාර්තා කළ තෙවැනි ඉහළම ලකුනු සංඛ්‍යාවද වන අතර මේ අනුව ශ්‍රී ලංකාවේ සනත් ජයසූරිය හා උපුල් තරංග විසින් 2006 වර්ෂයේදී එංගලන්තයට එරෙහිව පළමු කඩුල්ලට එක් කල ලකුනු 292 ක වාර්තාව සිව්වැනි ස්ථානය දක්වා පසු බැසිණ. මෙහිදී තමීම් ඉක්බාල් ලකුනු 176 ක් වාර්තා කළ අතර එය එක්දින තරගයකදී බංග්ලාදේශ පිතිකරුවෙකු වාර්තා කළ ඉහළම ඉනිමද වේ. මීට පෙර මෙම තරගාවලියේම දෙවැනි එක්දින තරගයේදී තමීම් ඉක්බාල් විසින් රැස් කළ ලකුනු 158 ඉහළම වාර්තාව විය. තමීම් මෙම තෙවැනි තරගයේදි නොදැවී ලකුනු 128 ක් වාර්තා කලේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

