පුත්තලම දිස්ත්රීක්කයේ ප්රධාන ජලාශයක් වන කරුවලගස්වැව තබ්බෝව ජලාශයේ වාන්දොරටු විස්සම අද (8) පස්වරු 6ට පමණ විවෘත කළ බව පුත්තලම වාරිමාර්ග කාර්යාලය පැවසීය. මෙමගින් තප්පරයට ජලය ඝන අඩි දසදහසක් පමණ මී ඔයට මුදා හැරෙන බවත් එම කාර්යාල සඳහන් කළේය.
පසුගිය දින කිහිපය තුළ වරින්වර තබ්බෝව ජලාශයේ වාන්දොරටු කිහිපයක් විවෘතව පැවැති නමුත් කරුවලගස්වැව හා ඒ අවට ප්රදේශවලට අද දවසේ පැවැති අධික වර්ෂාව හේතුවෙන් මෙසේ එම ජලාශයේ වාන් දොරටු සියල්ලම විවෘත කිරීමට සිදු වූ බවත් පුත්තලම වාරිමාර්ග කාර්යාලය පැවසීය.
කරුවලගස්වැව ජයරත්න වික්රමාරච්චි
