තෛපොංගල් වෙනුවෙන් හෙට උතුරේ සියළුම පාසල් වැසේ
ලබන 15 වනදාට යෙදී ඇති තෛපොංගල් දිනය නිමිත්තෙන් 14 (සඳුදා )දිනයේදී උතුරේ සියළුම පාසල් වසා දැමීමට පියවර ගෙන ඇති බවට උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලය විසින් නිවේදනය කොට තිබේ.
උතුරු පළාත් ආණ්ඩුකාර සුරේන් රාඝවන් මහතා විසින් උතුරු පළාත් අධ්‍යාපන ලේකම් ඇතුළු නිලධාරීන් සමග සිදු කරන ලද සාකච්ඡාවකින් මෙම තීරණය ගෙන ඇත.
දෙමළ ජනතාවගේ වසරේ ප්‍රධානම සැමරුමක් වන තෛපොංගල් දිනය සැමරීමට සූදානම් වීම වෙනුවෙන් උතුරේ පාසල් වෙතට තෛපොංගල් දිනට පෙර දිනය නිවාඩු දිනයක් ලෙසට නම් කොට ඇති අතර නිවාඩු දෙන සඳුදා දිනය වෙනුවට සතියේ වෙනත් නිවාඩු දිනයක උතුරේ සියලුම පාසල් කටයුතු පැවැත්වීමට දිනයක් දැනුම් දෙනු ලබන බවටද උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලය විසින් පළාත් අධ්‍යාපන කාර්යාල හා කලාප අධ්‍යාපන කාර්යාල වෙතට දැනුම් දී ඇත.
දෙමළ ජනතාව විසින් තෛපොංගල් දිනය වසරේ ආරම්භක දිනය වශයෙන්ද හඳුන්වනු ලබයි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

