තත්ත්වය සාර්ථකව පාලනය කර ගැනීමට හැකිවුණා - ජනපති
ත්‍රස්තවාදය සාර්ථකව මුලිනුපුටා දැමීමට අවශ්‍ය සියලු පියවර ආරක්ෂක අංශ විසින් මේ වන විට ගෙන ඇති බවත් ඒ අනුව තත්ත්වය සාර්ථකව පාලනය කිරීමට හැකියාවක් ඇති බවත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි.
ත්රස්තවාදයට සහයෝගය දක්වන සියලු විනාශකාරී බලවේග මුලිනුපුටා දැමීමට අවශ්‍ය සියලු පියවර ගන්නා ලෙස ආරක්ෂක අංශ වෙත මා ලබා දුන් උපදෙස් පරිදි මේ වන විටත් තත්ත්වය සාර්ථකව පාලනය කිරීමට හැකි වී තිබේ. ඒ් සඳහා ආරක්ෂක අංශ වෙත ජනතාවගෙන් ලැබෙන සහයෝගය මම අගය කරමි.
— Maithripala Sirisena (@MaithripalaS) April 22, 2019
popular news
-
Champa Monday, 22 April 2019 06:10 PM
මොනවා? 290 මැරෙන්න ඇරලා තව 500ක් තුවාල වෙන්න ඇරලා තවත් ගානක් හොයාගන්න බැරිවෙන්න ඇරලද තත්වය පාලනය කලේ? නෙද්දකින්.
Reply : 1 1
රජින්ද Monday, 22 April 2019 06:56 PM
එතනත් හදන්නේ තමාගේ නිර්දෝෂී භාවය ව්‍යාජව ඔප්පුකොට ගැලවී සිටීමයි. තත්වය පාලනය කළා කියලා කියන්නේ ත්රස්තවාදීන් විසින් නම පොලක බෝම්බ පුපුරවලා මනුෂ්‍යයින් 290ක් මරා දමලා තවත් 500 කට වැඩි පිරිසකට තුවාලකිරීමනම් ඔබ හරි. කරුණාකරලා මැටි බෝල දෙකකින් අපේ රටේ නායකයන් දෙදෙනා නිර්මාණය කරගන්න අපට ඉඩ දෙන්න. එය වියදමත් අඩුයි.
Reply : 0 0
mallika Monday, 22 April 2019 07:40 PM
මොනවද මේ කියවන්නේ 290 මැරිලා 500 ක් තුවාල . ඉල්ලලා අයින් වෙන්න
Reply : 0 0
Kumar Monday, 22 April 2019 10:25 PM
ජනාධිපතිතුමා කෝවිල් වන්දනාවේ ගිහිල්ල එනකොට පෙරහැර ගිහිල්ල අවසානයි වගෙ. එතුමාගේ අනටකීකරුව රාජකාරිය කල නිරධරීන්ගේ බෙලිකපන්නේ කොහොමද.
Reply : 0 0
Kamala Perera Tuesday, 23 April 2019 01:06 AM
රටේ මේ ප්රශ්නය ඇති වෙන්නේ නැහැ ඔබ විදේශ ගත වෙද්දී ආරක්ෂක අමාත්‍යාංශයේ වැඩ බැලීම සඳහා කිසිවෙකු පත් කලා නම්.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

