ධීවර යාත්‍රා උපයෝගී කරගෙන මුහුදු මගින් මත්ද්‍රව්‍ය ජාවාරමක තොරතුරු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අණාවරණය කර ගෙන තිබේ. මෙම ජාවාරමට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙක්ද රුපියල් එක්කෝටි 40 ලක්ෂයකට අධික මුදලක් සමග අත්අඩංගුවට ගෙන තිබේ.
කෙසේ වෙතත් ප්‍රධාන සැකකරු පළාගොස් ඇති අතර ප්‍රධාන සැකකරුගේ පියා හා ජාවාරමට ආධාර අනුබල දුන් පුද්ගලයෙක් මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.
