“රජයට මූල්‍යමය ගැටළුවකට මුහුණ දෙන්න සිද්ධවෙලා තිබෙනවා. අපි ගත්තු ණයවල වාරිකයයි පොළියයි ගෙවාගන්න නැවත ණය ගන්නවෙලා තියෙනවා. ඒ තරමට අපේ රට ආපස්සට ගිහින් තිබෙනවා” යැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
අමාත්‍යවරයා මෙසේ පැවැසූයේ අඟුණකොළපැලැස්ස ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ 85 දෙනකුට ස්වයං රැකියා උපකරණ ලබා දීමේ වැඩසටහනකට ඊයේ (13) සහභාගී වෙමිනි.
“අයවැය ලේඛනය ඉදිරිපත් කර තිබෙනවා. බොහෝ අය හිතුවේ අයවැය ලේඛනය ආවාම ජනතාවට මීට වැඩිය අමාරු වෙන බදු වැඩිවෙලා මිනිස්සු අමාරුවෙන් අමාරුවට වැටෙයි කියලා. නමුත් ජනතාවට ලබා දෙන්න පුළුවන් සහන ප්‍රමාණයක් ලබා දෙමින් තමයි මුදල් ඇමතිතුමා අයවැය ලේඛනය ඉදිරිපත් කළේ. ඉතාමත් අමාරුවෙන් ඉදිරිපත් කරපු අයවැය ලේඛනයක්. රජයට මූල්‍යමය ගැටළුවකට මුහුණ දෙන්න සිද්ධවෙලා තිබෙනවා.
අපිට අද අපි ගත්තු ණයවල වාරිකයයි පොළියයි ගෙවාගන්න නැවත ණය ගන්නවෙලා තියෙනවා. ඒ තරමට අපේ රට ආපස්සට ගිහින් තිබෙනවා. මේකට විවිධ හේතූන් තියෙනවා. ප්‍රධාන වශයෙන් කොරෝනා වසංගතය ඇතුළු ජාත්‍යන්තරයේ ඇති වුණ ප්‍රශ්න නිසා අපි ඩොලර් හිඟයකට මුහුණ දී තිබෙනවා. විදේශ සංචිතවල අඩුවීමක් තිබෙනවා. මේ සියල්ල මැදින් තමයි අපිට කටයුතු කරන්න වී තියෙන්නේ.
අයවැය ලේඛනය ඉවර වුණාට පස්සේ සාමාන්‍ය සම්ප්රදාය තමයි ආණ්ඩුවේ අය හොඳයි කියනවා. විරුද්ධ පක්ෂයේ අය හොඳ නැහැ කියනවා. ඒක අපි දන්න කාලේ ඉඳලම විරුද්ධ පක්ෂයේ අය අයවැය ලේඛනයකට හොඳයි කියල නැහැ. ආණ්ඩු පක්ෂයේ අය හොඳ නැහැයි කියලත් නැහැ. ජනතාව තමයි ඒක තීන්දු කරන්නේ. ක්‍රියාත්මක වෙන විදියෙන් තමයි හොඳද නැද්ද කියල බලන්න වෙන්නේ.
ව්‍යාපාරිකයෝ කඩවල් අරින්න උනන්දු වෙන්නේ නැහැ. බඩු ටික තියාගෙන කඩවල් වහල තිබුණත් ලාබයි ඒ අයට. දැන් ගෙවල් හදාගන්න එක හීනයක් බවට පත්වෙමින් යනවා. සෑම බඩුවකම මිල වැඩිවෙලා. කනබොන ජාති ඒ ආකාරයෙන්ම මිල වැඩිවෙලා. දිගටම අපිට මෙයට මුහුණ දෙන්න වෙනවා. ලබන අවුරුද්ද වෙනකොට ආහාර හිඟයකට මුහුණ දෙන්න වෙනවා කියලා ලෝක ආහාර සංවිධානයත් අනතුරු ඇඟවීමක් කර තිබෙනවා. චීනයේ හරි ඉන්දියාවේ හරි ඒ වගේ තත්ත්වයක් ඇති වුණොත් එහෙම අපේ මිනිස්සුන්ට රටින් ගෙනත් කන්න දෙන්න බලාගෙන ඉන්නවා නම් ඒ මිනිස්සු අමාරුවෙ වැටෙනවා. කන්න නැති වෙනවා.
ඒ රටවල්වල ඉන්න ජනගහණය විශාලයි. අපිට සිදුවෙලා තියෙනවා අපිට අවශ්‍ය ආහාර ටික හදාගන්න. මෙවර අයවැය ලේඛනයෙන් විශාල ප්‍රමාණයක් වෙන් කර තිබෙන්නේ නිශ්පාදන ආර්ථිකය ශක්තිමත් කරන්න. ආණ්ඩුවට බැන බැන හිටියට බඩගින්නේ නැතිවෙන්නේවත් අවශ්‍යතා නැතිවෙන්නේවත් නැහැනේ. ආණ්ඩුවට බනින බව අපි දන්නවා. ඒත් කරන්න දෙයක් නැහැ. මේකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ වෙනුවෙන් යම් සූදානමකට ප්‍රවේශ වෙන්න වෙනවා. ඒ වෙනුවෙන් කැප වෙන්න වෙනවා” යැයිද පැවසීය.
