වත්මන් රජය ලබාගත් ණය වලින් 75% ක් පසුගිය මහින්ද රාජපක්ෂ රජය විසින් ලබාගත් ණය ගෙවීම වෙනුවෙන් ලබාගත් ණය බව අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවැසීය.
බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හෝටලයේ පැවැති මෙගා මයින්ඩ්ස් වැඩසටහනට සහභාගි වෙමින් ඔහු මේ බව පැවැසීය.
“පසුගිය කාලයේ කොහොමද මේ ආර්ථිකය ගමන් කරමින් තිබුණේ කියන එක පිළිබඳව අපි කතිකාවක් ඇතිකර ගත යුතුයි. මේකට අපි කියන්නේ බ්රදර්නොමික්ස් කියලා. වරිග ආර්ථිකය කියලා කුඩා සහෝදර සමාගමකට ගොඩනැගිච්ච මේ ආර්ථිකය Knowledge Based Economy එකක් බවට පරිවර්තනය කරගැනීමයි අපගේ ඉලක්කය. අ
ද කොයි තැන්වල නොයෙක් ව්‍යාපාරවල වියතුන් උගතුන් ව්‍යාපාරිකයන් එකතු කරගෙන කතා කළත් මේක අවසානයේ මොකුත් නෙමෙයි මේවා බ්රදර්නොමික්ස්.
අද ණය බර ගැන හුඟ දෙනෙක් කතා කරනවා. ණය බර අතීතයේ ඉඳන් තිබුණයි කියලා. ඞී.එස්.සේනානායක යුගයෙත් ණය වෙලා තිබෙනවා. බණ්ඩාරනායක යුගයේ ණය වෙලා තිබෙනවා. මේ යනාදි වශයෙන් නොයෙක් ආකාරයට ණය බර ගැන කතාවෙනවා.
නමුත් අපගේ ණය බරේ සුවිශේෂ වෙනසක් මහින්ද රජපක්ෂ මැතිතුමාගේ කාලයේ සිදුවුණා. ඒක තමයි දිගු කාලීන සහණ ණය වෙනුවට කෙටි කාලීන අධික පොලී සහිත ණය ලබාගෙන ආදායමක් ඉපැදවෙන්නේ නැති තැන්වල ඒවා යොදා ගැනීම. ඊළඟට කිසිම විද්‍යාත්මක පදනමකින් තොරව තම තමන්ට කැමති ලෙස සංවර්ධනය අසමමිතිකව යොදවා ගැනීම.
2005-2015 අතරේ හම්බන්තොට එක පුද්ගලයෙකුට වියදම් කළ ප්‍රාග්ධන ආයෝජනය ලක්ෂ 15 යි. රටේ අනෙකුත් සෑම පුරවැසියෙකුටම එම අවුරුදු 10 තුළ වියදම් කර තිබෙන්නේ රුපියල් 45,000 යි. එතකොට ගමට, පවුලට කෙරුවාව කියන මේ කි‍්‍රයාවලිය එක පැත්තකින් අසමමිතක කෙරුවාවක් වුණා. අනෙක් පැත්තෙන් ජනතාවට මේ අධික පොලී සහිත මේ සැලසුම් විරහිත කි‍්‍රයාවලිය නිසා අපි දැක්කා සංවර්ධන සුදු අලි නැව් එන්නැති වරායවල්, ගුවන් යානා එන්නැති ගුවන්තොටුපලවල්, සම්මන්ත්රණ නැති සම්මන්ත්රණ ශාලාවල්, කි‍්‍රකට් නැති කි‍්‍රකට් කී‍්‍රඩාංගන මේ යනාදි දේවල් අපේ ඇස් ඉදිරිපිට අපට පෙන්න පටන් ගත්තා.
මම අභියෝගයක් හැටියට කියනවා අවුරුදු 10 දි රටේ රාජ්‍ය ආයතන 1300 ක් තිබෙනවා රාජපක්ෂ යුගයේ මේ බ්රදර්නොමික්ස් වලින් හදපු එක රාජ්‍ය ආයතනයක් කියන්න කියලා ඔය 1300 අතුරින්. හැම රාජ්‍ය ආයතනයක්ම පහලින් පහලට ගිහිල්ලා ඒ රාජ්‍ය ආයතනවල පාඩුව ජනතාව තුළ පැටවීම තමයි සිදුවුණේ.
මතක තබා ගන්න රාජපක්ෂ මහතා 2005 දී බලයට එනවිට වාණිජ ණය අනුපාතය 5% යි. දැන් එය නැගලා තිබෙනවා 55% ට. මේක තමය අද අපේ ආර්ථිකයේ තිබෙන බලගතුම ගැටළුව වෙලා තිබෙන්නේ. ෆයිනෑන්ෂියල් මාර්කට්වලින් ගනු ලබන ණය 1098% කින් මේ කාලයේදී වැඩිකරගෙන තිබෙනවා. මේ ළඟදි මහින්ද රාජපක්ෂ මහත්මයා අහනවා මේ ආණ්ඩුව බිලියන 20 ක් ණය අරන් තිබෙනවා මොනවද කළේ කියලා. එම බිලියන 20න් 75% ක් ම වැය කලේ ඔවුන්ගේ කාලයේ ගත්ත වාණිජ ණය හා පොළිය ආපසු ගෙවන්න.
මුදල් අමාත්‍යාංශයට අනුව විදේශ ණය ගෙවීමේ කි‍්‍රයාවලිය ඩොලර් බිලියන 2කට ආසන්න තත්වයේ සිට ඉදිරි කාලයේ දී ඩොලර් බිලියන 7ට, එක පාරටම පිම්මක් පනිනවා. මේක හරියට ලස්සන ගෙයක් හදන්න අවුරුදු 3න් ගෙවන්න අධික පොලිය ණයක් ගත්තා වගේ. නමුත් ඒ ගෙට ගත්ත ණය අවුරුදු 3 න් ගෙවන්න බැහැ. ඒ අර්බුදය තමයි මේ රටතුළ අද අපි අත්විඳින්නේ. මේ අර්බුදයට හත දාහතක් කර ගන්න අවශ්‍ය නම් ඊළඟ ජනාධිපතිවරණයේදී එම අඳුරු යුගයට යන්න මේ රටට තීරණය කරන්න පුළුවන්.”
