ඩොලර් 38,000ක් ගත්ත හිමිනම කවුදැයි දන්නවා - තලතා
බුදුදහමට නිසි තැන නැහැ කියලා කෑගහන ඩොලර් 38,000ක් ගත්ත ස්වාමීන් වහන්සේ ගැන තොරතුරු තමන් දන්නා බව අධිකරණ ඇමතිනී තලතා අතුකොරළ මහත්මිය පවසයි.
අධිකරණ අමාත්‍ය වරිය මේ බව පැවසූවේ අද (02දා) නිවිතිගල ප්‍රදේශයේ පැවැති ජනහමුවකට සහභාගි වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරිය, “මම හාමුදුරුවෝ ඉන්න තැන මේ ශාසනයේ චිරස්ථිතිය වෙනුවෙන් කැපවෙච්ච් ගැහැනියක් හැටියට ඔබ වහන්සේගේ දෙපා නැමද අවසර ඉල්ලනවා කියන්න දෙයක්. ඩොලර් 38,000ක මුදලක් දීපු ස්වාමීන් වහන්සේ තමයි අද ක්‍රියාත්මක වෙන්නේ.
යටිගිරියෙන් කෑගහගෙන මවුබිම ගැන කතා කරගෙන ස්වාමීන් වහන්සේලාට හිරිහැර කරනවා කියලා බොරු ප්‍රචාර ගෙන යනවා. රටේ බෞද්ධ ආගම නැති කරනවා කියලා ප්‍රචාර අර ගෙන යනවා. එදා අර කථා කරපු ඩොලර් තමයි අද කථා කරන්නේ. ඩොලර් 38,000ක්. ඒ හාමුදුරුවෝ දීපු පන්සලුත් අපි දන්නවා. නිවිතිගල ආසනයේ පන්සල් ටිකත් දන්නවා නොදන්නවා නෙමෙයි. හැබැයි මේ විදිහට ශාසනය පාවලා දෙන්න කථා කරපු අයට අමතක වෙච්ච දෙයක් තියෙනවා .
දැන් මේ ඇමෙරිකානු නිව්යෝර්ක් ටයිම්ස් පත්තෙරේ දාපු එක. මහින්ද මහත්තයා කියනවා මේක මඩ ගැසීමක් කියලා. මොකද එයා හිතන් ඉන්නේ මෙහේ වගේ ඇමෙරිකාවේ ඉන්නෙත් බොරු කිය කියා මිනිස්සුන්ව මුළාවේ දාලා ඡන්දය මංකොල්ල කන ජාතිවාදය ආගම්වාදය වපුරන ඒවා අවුස්සන මඩ ගහලා ඉන්න රටක් කියලා. ඇත්ත කථාව අපේ හාමුදුරුවනේ මේ හැම දෙයක්ම සල්ලි ආවේ අධිවේගී මාර්ග හදපු හම්බන්තොට ගුවන් තොටුපළ වරාය හදපු චයිනා හාබර් එක හරහා“ යැයි පවසා සිටියාය.

-
rocky Monday, 02 July 2018 06:17 PM
ඔය කියන හාමුදුරුවෝ තමයි, කාලෙකට ඉස්සෙල්ල " මිනි මැරීම නිවන් දකින්න ප්‍රමාණවත් පින් කමක්" කියල බණක් ප්‍රචාරය කෙරුවේ. ඒ කාලේ යුද්ධේ විකුණගන කන එකයි කෙරුවේ. බඩ ගොස්තර වාදී කහකඩයක් කොහොමද `මහා සංඝ රත්නය වෙන්නේ? අවස්ථාවාදී දේශපාලුවෝ බවුද්ධ විරෝධී චීවර ධාරීන්ව ඉස්සරහට දාලා තමන්ගේ වාසියට මෝඩ බවුද්ධයන්ව රවටන එකයි කවදත් කලේ. දුසිල්වත් මහනා යනු රටෙත්, ජාතියේත්, ධර්මයේත් පරම හතුරා බව දැන් වත් බවුද්ධයින්ට වැටහේවා!
Reply : 2 6
Champa Monday, 02 July 2018 10:07 PM
Hooooooooooooo "ඇමෙරිකාවේ ඉන්නෙත් බොරු කිය කියා මිනිස්සුන්ව මුළාවේ දාලා ඡන්දය මංකොල්ල කන ජාතිවාදය ආගම්වාදය වපුරන ඒවා අවුස්සන මඩ ගහලා ඉන්න රටක්ද" අහනව. ඇමරිකාව එහෙම රටක් තමයි. Hoooooooo again. UNP ළිං මැට්ටන් මෙන්න මේක කියවන්න. "According to a research by Dov Levin, an academic from the Institute for Politics and Strategy at Carnegie Mellon University,USA, countries where secret tactics have been deployed by the US include: Guatemala, Brazil, El Salvador, Haiti, Panama, Israel, Lebanon, Iran, Greece, Italy, Malta, Slovakia, Romania, Bulgaria, Albania, Sri Lanka, the Philippines, South Vietnam and Japan. --- කොයි හාමුදුරුවෝ ගැනද ඔයි කියන්නේ? අර දඹර අමිල හාමුදුරුවෝද? රට විනාශ කරන්න NGO සල්ලි ගත්ත? රනිල් ඇමරිකාවට ගිහින් මහින්දගේ චරිත ඝාතන කරන්න ඉගෙනගෙන එනකොට, ජෝන් කෙරිගෙන් ඩොලර් මිලියන් 195ක් අරන් ඇමරිකාවට මහින්දව චන්දෙන් පරද්දලා දෙන්න මිනිස්සුන්ගේ මොළ හෝදලා, බොරු වපුරලා, බොරුවෙන් චන්ද මංකොල්ල හදන කොට රටට ආදරේ මහින්දට ආදරේ හාමුරුවරුන්ට නිකම් බලා ඉන්න කියලද කියන්නේ?
Reply : 2 1
Champa Monday, 02 July 2018 10:10 PM
ඇමරිකන් කාරයාගේ සපත්තු ලෙවකන කළු සුද්දෝ එනවා හාමුදුරුවරුන්ට අපහාස කරන්න. හිතන්න එපා ආයේ කිසි දවසක මේ රටේ UNP ආණ්ඩුවක් හදන්න ඉඩ දෙයි කියලා. UNP එක නැතිම කරලා දානවා.
Reply : 2 0
සෙනෙවි Tuesday, 03 July 2018 04:28 PM
අධිකරණ ඇමති භූමිකාවට මේ වගේ ප්‍රලාප දොඩවන එක සුදුසු නෑ කියල අපට හිතෙන්නෙ
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

