ඩොලර් මිලියන 230ක රනිල්ගේ ප්‍රකාශය අසත්‍යයක් - පවිත්‍රා
ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සෞඛ්‍ය අමාත්‍යාංශයට ඩොලර් මිලියන 230ක් ලබාදුන් බවට හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා රූපවාහිනී සහ පුවත්පත් ආයතන සදහා සිදු කර ඇති ප්‍රකාශය සම්පූර්ණ සාවද්‍ය ප්‍රකාශයක් බව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අවධාරණය කරයි.
කොවිඩ් 19 වසංගතය මර්දනය කිරිම සදහා ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ආසන්න වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 1.9ක් (1,934,784) ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට කාර්යාලයට ලබාදී ඇත.
ඒ අනුව එම ඩොලර් මිලියන 1.9 ක මුදල මෙරට ලෝක සෞඛ්‍ය සංවිධාන කාර්යාලය විසින් ඇමරිකානු ඩොලර් 466,784සහ ඉතිරි ඇමරිකානු ඩොලර් 1,468,000 ක මුදල ඉන්දියාවේ සියරෝ කාර්යාලයෙන් ආදී වශයෙන් ලැබී ඇත.
මෙම මුදලින් ජුනි මස 05 දින වනවිට ඇමරිකානු ඩොලර් 855,869ක මුදලක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා කාර්යාලය විසින් සෞඛ්‍ය අමාත්‍යාංශය දියත් කරන ලද කොවිඩ් 19 වැඩපිළිවෙලට වියදම් කොට ඇත. මෙම වියදම් සියල්ල සිදුකර ඇත්තේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට නේවාසික කාර්යාලයෙන් මිස සෞඛ්‍ය අමාත්‍යාංශයේ විසින් නොවේ.
ඉහත ඇමරිකානු ඩොලර් 855,869ක මුදල ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට නේවාසික කාර්යාලය විසින් පහත අයුරින් වියදම් කොට ඇත.
රසායනාගාරවල පරික්ෂණ කටයුතු ඉහළ නැංවීමට අවශ්‍ය උපකරණ හා අනෙකුත් වෛද්‍ය උපකරණ ලබාදීමට වියදම් කොට ඇති මුදල ඇමරිකානු ඩොලර් 686,716 ක්
රෝග ආවේක්ෂණ කටයුතු ශක්තිමත් කිරිම සදහා ඩොලර් 79,915 ක් ආදි වශයෙන් වියදම් කොට ඇත.
කොවිඩ් මර්දන කටයුතු සදහා ජනතාව දැනුවත් කිරිමේ කටයුතු සදහා ඇමරිකානු ඩොලර් 89,238 ක් වැය කොට ඇත.
මෙම සියලු කටයුතු වලින් පසු ඉතිරි මුදල් වන ඩොලර් මිලියන 1,078,915 ක් හැත්තෑඅටදහස් නවසිය මෙරට ඉදිරි කොවිඩ් මර්දන වැඩපිළිවෙලට ලබාදීමට ලෝක සෞඛ්‍ය සංවිධානය එකඟතාව පළ කර ඇත.
එමෙන්ම 2021 දෙසැම්බර් දක්වා ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය වැඩපිළිවෙලට සහයෝගය ලබාදීම සදහා යූරෝ මිලියන 02 ක මුදලක් එනම් ඇමරිකානු ඩොලර් 2.27 ක මුදලක් ඔවුන් ලග රදවා ගෙන ඇත.

popular news
-
manel Friday, 12 June 2020 05:07 AM
Ayi me minissu metharam boru kiyanne.? Ranil vanahi dive kate nogaavee boru kiyana keneki.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

