ඩොලර් බිලියන 4ක ආයෝජනය කෝ?
- 23 11 2026
- 14:09
- {{hitsCtrl.values.hits}} views
- ..
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා චිනයේ කළ සංචාරයේදි අත්සන් කළ ඩොලර් බිලියන හතරක ආයෝජනයට කුමක් සිදුව ඇත්දැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුව අමතමින් පැවැසිය.
" බලයට ආපු ගමන් අදානි කියන ඉන්දියන් ආයෝජකයාව හරවලා යැව්වා. චයිනා මර්චන්ට් චීන සමාගම ඔබ හරවලා යැව්වා. ඔබේ ජනාධිපතිවරයා චීනයට ගිහිල්ලා චීන ජනාධිපතිවරයා එක්ක ගිවිසුමක් අත්සන් කරා ලංකාවේ ඩොලර් බිලියන හතරක ආයෝජනයක් ගේන්න. දැන් මේ අත්සන් කරපු ආයෝජනය පිළිබඳව මාධ්‍ය සාකච්ඡාම හතරක් තිබ්බා මට මතක විදිහට. ජනාධිපතිවරයාම.
දැන් ඒ ආයෝජන බිම් මට්ටමේ යථාර්ථයක් වෙන්න ඔබ තමුන් වහන්සේලා ගත්තු ක්‍රියාමාර්ගය මොකක්ද? ඒ ඒ ආයෝජකයෝ හැරිලා ගිහිල්ලා. "
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
