දිවයිනේ බොහෝ ප්‍රදේශවල පවතින වැසි තත්ත්වයත් සමග ඩෙංගු රෝගය ව්‍යාප්ත වීමේ අවදානමක් මතුව ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.
එහි සභාපති උපුල් රෝහණ පැවසුවේ පවතින තත්ත්වය හේතුවෙන් මදුරුවන් බෝවන අයුරින් පරිශ්‍ර පවත්වාගෙන යන පුද්ගලයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමේ කටයුතු ඉදිරියේදී ආරම්භ කරන බවයි.