ඩෙංගු එන්නත පරීක්ෂාකරයි
ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අනුමත කරන ලද ප්‍රංශයේ නිෂ්පාදිත ඩෙංගු ප්‍රතිශක්තීකරණ එන්නත ශ්‍රී ලංකාවට සුදුසු දැයි සොයා බලන ලෙස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා වසංගත රෝග විද්‍යා අංශයට දැනුම් දුන් බව එම අමාත්‍යාංශය සඳහන් කරයි.
එම එන්නත භාවිතයට සුදුසු නම් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි කරන ලෙස එම අධිකාරියේ වැඩබලන ප්‍රධාන විධායක නිලධාරි වෛද්‍ය කමල් ජයසිංහ මහතාට උපදෙස් ලබා දී ඇත.
මෙම ප්‍රතිශක්තීකරණ එන්නත පිළිබඳව ශ්‍රී ලංකාවේ සිටින ප්‍රංශ තානාපතිවරයා පසුගියදා සෞඛ්‍ය අමාත්‍යවරයා දැනුවත් කර තිබේ. මෙම එන්නත දැනට විදේශීය රටවල් 04 ක භාවිතා කරනු ලබයි.
සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ පසුගියදා පැවති ආයතන ප්‍රධානීන්ගේ රැස්වීමේ දීය. එහිදී ඩෙංගු රෝග මර්දනය සඳහා විධිමත් සැළැස්මක් සකස් කරන ලෙස ද සෞඛ්‍ය අමාත්‍යවරයා ඩෙංගු මර්දන ව්‍යාපාරයේ අධ්යක්ෂවරයාට දැනුම් දුන්නේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
