ප්‍රදේශ ගණනාවකින් අත් අඩංගුවට ගන්නා ලද තීරු බදු රහිතව මෙරටට ගෙනවන ලද තෙන්දු කොල කිලෝ ග්‍රෑම් 1869 ක් ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවේ දීපව්‍යාප්ත සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකය මගින් සුරාබදු කොමසාරිස් ජනරාල් වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සමථ ගාස්තු අය කර පසුව රාජ සන්තක කරන ලදි.
මෙම තෙන්දු කොල කිලෝ ග්‍රෑම් 1869 ප්‍රසිද්ධ වෙන්දේසියේ විකිණීම සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.බී.එන්.ඒ.පේමරත්න මහතාගේ මූලිකත්වයෙන් පසුගිය 28 දා සිදු කරන ලදි.
මෙම වෙන්දේසි කරන ලද තෙන්දු කොළ කිලෝ ග්‍රෑම් 1869 විකිණීමෙන් රජයට රුපියල් මිලියන15 ක පමණ මුදලක් අය කර ගැනීමට හැකි වී ඇත.

ඉඹුල්ගොඩ - එම්.ඩී.එස්.ගුණතිලක