ඩුබායි ටිකට්පත් ජයග්‍රාකයා තෑගි මුදලම පාසල් සංවර්ධනයට දෙයි
ඩුබායි රාජ්‍යයේදී කෝටි ගණනක ලොතරැයියක් දිනූ බේරුවල මරක්කල වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවකු වන මොහොමඩ් මිෂ්ෆාත් මහතා ඉකුත් දා දින කීපයකට ලංකාවට පැමිණියේය.
ඩුබායි රාජ්‍යයේ සේවය කරමින් සිටියදී ඔහු මිලදීගෙන තිබූ බිග් ටිකට් නම් ලොතරැයියෙන් ජයග්‍රහණය කරන ලද රුපියල් කෝටි ගණනක් වන සම්පූර්ණ තෑගි මුදලම තමන් ඉපදී අධ්‍යාපන ලැබූ බේරුවල ප්‍රදේශයේ ඉස්ලාම් පාසල් 5ක් සංවර්ධනය සඳහා ලබාදීමට ඔහු තීරණය කර තිබේ.
ඊට අදාළ ලියකියවිලි සහ පොරොන්දු පත්‍ර බේරුවලදී එම පාසල්වල සංවර්ධන කමිටු සමිති නිලධාරීන්ට භාර දීම සිදු කර තිබේ. මෙම ප්‍රදානයන් කිරීමේ අවස්ථාවට දේශපාලනයකට සම්බන්ධ කිසිවකුත් සම්බන්ධ කර නොගැනීම විශේෂත්වයක් බව කියයි.
අලුත්ගම තුසිත කුමාර ද සිල්වා

popular news
-
Demuni Uduwara Tuesday, 26 October 2021 01:19 PM
A meritorious act!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

