ඩී.එම්.ටි. යනවනම් කලින් වෙලාවක් වෙන් කර ගන්න
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සිය එක්දින සහ සාමාන්‍ය සේවාවන් තවදුරටත් පුළුල් කර තිබේ. ඒ අනුව එක්දින සේවාවන් ලබාගැනීමට පැමිණෙන සේවාලාභීන් පූර්ව වේලාවක් වෙන්කරවා ගැනීම අනිවාර්ය බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
වාහන අලුතින් ලියාපදිංචි කිරීම, වාහන අයිතිය පැවරීම, රියදුරු බලපත්‍ර සම්බන්ධ කටයුතු සහ තාක්ෂණික ගැටලු නිරාකරණය කරගැනීම ඇතුළු සේවාවන් රැසක් මේ යටතේ ලබාගත හැකිය.
ඒ සඳහා පහත දුරකථන අංක ඔස්සේ වේලාවන් වෙන්කරවා ගත හැකිය.
කොළඹ – 011 211 7116
ගම්පහ – 033 211 7116
කුරුණෑගල – 037 211 7116
හම්බන්තොට – 047 211 7116
අනුරාධපුරය – 025 211 7116
යාපනය – 021 211 7116
එමෙන්ම
dmtappointments.dmt.gov.lk වෙබ් අඩවිය ඔස්සේ ද පූර්ව වේලාවන් වෙන්කරවා ගැනීමේ පහසුකම සලසා තිබේ.
කෙසේ වෙතත්, මෙම කාර්යාල හරහා යතුරුපැදි පමණක් අලුතින් ලියාපදිංචි කිරීම සිදුකරන බව දෙපාර්තමේන්තුව සඳහන් කරයි. සාමාන්‍ය සේවාවන් ලබාගැනීම සඳහා පූර්ව වේලාවක් වෙන්කරවා ගැනීම අවශ්‍ය නොවේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
