ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීමට තමාට හැකි නමුත් ඒ සඳහා කල්ඇතිව දැනුම් දිය යුතු යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක මහාමාර්ග රාජ්‍ය ඇමති ඩිලාන් පෙරේරා මහතා පැවසීය.
හාලිඇළ මැතිවරණ කොට්ඨාසයේ අබලන්ව ඇති ඌව මහවෙල - සිවියවැල්ගොල්ල මාර්ගය අලුත්වැඩියා කිරීම ආරම්භ කිරීම වෙනුවෙන් පැවති ජනහමුවේදී අදහස් දක්වමින් ඇමතිවරයා එසේ පැවසීය.
"මගේ මතය අනුව විධායක ජනාධිපතිවරයෙක් පත්විය යුත්තේ ඡන්දයෙනුයි. ඒ සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් රනිල් මහත්තයා ඉල්ලනකොට අපිට කෙනෙක් හොයන්න වෙනවා. නීතියට අනුව මහින්ද මහත්තයටත් බැහැ. චන්ද්‍රිකාටත් බැහැ. මට කිවුවොත් මට පුළුවන්. හැබැයි අද කියලා හෙට ඒක කරන්න මට බැහැ. බැසිල් රාජපක්ෂ වගේ පක්ෂය විනාශ කරන පක්ෂය පැරදුණාම දාලා යන ඉතිහාසයේ පක්ෂ විනාශ කරපු ඩීල් කාරයො එක්කත් ඒක කරන්න බැහැ.
ඩිලාන් පෙරේරා ගැන දන්නවානේ. මේ ආණ්ඩුවේ මහමාර්ග ඇමතිකම කොච්චරකල් තියේද දන්නේ නැහැනේ. මම හිටපු ගමන් අගමැතිතුමාටත් අනම් මනම් කියනවානේ. ඉතින් මම බැසිල් මහත්යාට අනම් මනම් කිවුවාම ඒගොල්ලො කියනවා මේකා චන්ද්‍රිකාගේ එකෙක් කියලා. නැහැ. මම චන්ද්‍රිකාගෙත් නෙවෙයි මහින්දගෙත් නෙවෙයි. මගේ දැන් නායකයා මෛත්‍රීපාල සිරිසේන. හැබැයි මම ශ්‍රී ලංකා එකේ එකෙක්" යැයි පැවසීය.
