ඩ්‍රෝන කැමරාවෙන් හෝර්ටන්තැන්නේ ඡායාරූප ගත් විදේශිකයින්ට වැඩ වරදි
අනවසරයෙන් හෝර්ටන්තැන්න වනෝද්‍යානය ඩ්‍රෝන කැමරාවක් භාවිතා කරමින් ඡායාරූප ගත කිරිමේ චෝදනාවට වරද පිළිගත් විදේශිකයන් තිදෙනෙකු හට එක් අයෙකුට රුපියල් 25,000 බැගින් රුපියල් 75,000 ක දඩ මුදලක් ගෙවන ලෙස නුවරඑළිය මහේස්ත්‍රාත් පමෝද ජයසේකර මහතා අද (26) නියෝග කළේය.
මෙසේ වරදකරුවන් වුයේ චීන ජාතිකයන් තිදෙනෙකි.
මෙම විදේශිකයන් තිදෙනා හෝර්ටන්තැන්න වනෝද්‍යානයට ඇතුළුව කිසිවෙකුට නොදැනෙන පරිදි අනවසරයෙන් ඩ්‍රෝන කැමරාවක් භාවිතා කරමින් ඡායාරූප ගත කරමින් සිටියදි හෝර්ටන්තැන්න වනෝද්‍යානයේ නිලධාරීන් පිරිසක් විසින් පෙරේදා (25) සවස අත්අඩංගුවට ගෙන තිබිණි.
ඩ්‍රෝන කැමරාවේ අනන්‍යතාවය තහවුරු කරන තෙක් ඩ්‍රෝන කැමරාව මෙම මස 28 වනදින දක්වා රදවා තබා ගැනීමට මෙහෙදී මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
හෝර්ටන්තැන්න වනෝද්‍යාන භාරකරු ප්‍රදීප් කුමාර මහතාගේ උපදෙස් අනුව නියෝජ්‍ය වනෝද්‍යාන භාරකරු පී. පී. දයාරත්න, කේෂ්ත්‍ර සහකාර උපුල් ශාන්ත, රවීන් ලක්මාල් යන නිලධාරී මහත්වරුන් විසින් මෙම වැටලීම සිදු කොට වරදකරුවන් අධිකරණයට ඉදිරිපත් කොට තිබිණි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

