ඩිලාන්ගෙන් SLFP මහ ලේකම්ට අභියෝගයක්
ඒකාබද්ධ විපක්ෂයේ ජනබලය කොළඹට විරෝධතාව සඳහා 16 දෙනාගේ කණ්ඩායමෙන් 15 දෙනෙකු සහභාගි වූ බැවින් හැකි නම් ඔවුන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස පක්ෂ මහලේකම්වරයාට අභියෝග කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ උපසභාපති ඩිලාන් පෙරේරා මහතා සඳහන් කළේය.
පක්ෂ මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයෙකු නොවන බවත්, මේ නිසා ඔහුට පක්ෂයේ කිසිවෙකුටත් විනය ක්‍රියාමාර්ග ගත නොහැකි බවත් අද (06 දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී හෙතෙම සඳහන් කළේය.
ඒකාබද්ධ විපක්ෂයේ රැස්වීමට යන පිරිසට විනය ක්‍රියාමාර්ග ගන්නා බවට මහලේකම්වරයා ප්‍රකාශ කර තිබෙන බවත්, 16 දෙනාගේ කණ්ඩායමේ දයාසිරි ජයසේකර මහතා නොමැති අතර, මේ නිසා ඉතිරි 15 දෙනාම විරෝධතා ව්‍යාපාරයට සහභාගි වූ බවත් ඩිලාන් පෙරේරා මහතා වැඩිදුරටත් මෙහිදී පවසා සිටියේය.

popular news
-
Don Friday, 07 September 2018 08:15 AM
What happened to Captain Dayasiri (Former Minister of Sports ) left out of the team of 16 ?
Reply : 0 0
ravi Friday, 07 September 2018 10:34 AM
බොරුවට එක..එකාට අබියෝගේ කරමින් කාලය කනවා ..
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

