සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස පත්වූ ඩයනා ගමගේ මහත්මිය පක්ෂයෙන් නෙරපීමට පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය ඒකමතිකව තීරණය කර තිබේ.
සමගි ජන බලවේගයේ නායක විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් අද (07දා) පස්වරුවේ පක්ෂ කෘත්යාදිකාරී මණ්ඩල රැස්වීම පැවති අතර එහිතී මෙම තීරණය ගෙන ඇත.
සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරියක ලෙස පසුගියදා 20 වැනි සංශෝධනයට පක්ෂව ඡන්දය භාවිත කිරීම හේතුවෙන් ඇයට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට පක්ෂය තීරණය කළ අතර පසුව ඒ සඳහා ත්‍රිපුද්ගල විනය කමිටුවක් පත් කිරීමට කටයුතු කළේය.
ඒ අනුව විනය කමිටුව විසින් ඩයනා ගමගේ මහත්මියට 5 වතාවක් කමිටුව හමුවට පැමිණෙන ලෙස සඳහන් කර ඇති අතර එම අවස්ථා සියල්ලේදීම සධාරණ හේතු නොදන්වා නොපැමිණ තිබේ.
අදාල කරුණු සැලකිල්ලට ගණිමින් ත්‍රිපුද්ගල විනය කමිටුව පක්ෂයේ ව්‍යවස්ථාව සහ විනය උල්ලංඝනය කිරීම හේතුවෙන් ඩයනා ගමගේ මහත්මිය පක්ෂයෙන් නෙරපිය යුතු බවට නිර්දේශ කර ඇති අතර ඒ අනුව අදාල විනය කමිටු වාර්ථාව සමගි ජන බලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතාට ලබා දී ඇත.
ඒ අනුව එම ත්රිපුද්ගත විනය කමිටුවේ වාර්ථාව පක්ෂ කෘත්යාදිකාරී මණ්ඩලයට මහලේකම්වරයා විසින් ඉදිරිපත් කර ඇති අතර අනතුරුව ඩයනා ගමගේ මහත්මිය පක්ෂයෙන් නෙරපීමට සඳහා වන විනය කමිටුවේ නිර්දේශයට පක්ෂ කෘත්යාදිකාරී මණ්ඩලයේ ඒකමතික තීරණය හිමිව තිබේ.
