බුලත්සිංහල පරගොඩ දඹල ප්රදේශයේදී යතුරුපැදියකින් ගමන් ගත් තරුණයෙකු අද( 27) ටිපර් රථයකට යට වී මිය යාමෙන් කුපිත වූ ප්රදේශවාසීන් ටිපර් රථයට පහරදී ගිනි තැබීමට උත්සාහ කිරීමත් සමගම දැඩි වෙහෙසක් දරා එය වළක්වා ගත් බව බුලත්සිංහල පොලිසිය කියයි
එම සිද්ධියෙන් ප්රකෝප වූ ප්රදේශවාසීන් පාලනය කිරීම සඳහා අවට පොලිස් ස්ථාන වල නිලධාරීන් මෙන්ම මතුගම පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් ද කැඳවීමට පියවර ගත් බව පොලිස් නිලධාරියෙක් පැවැසීය
අනතුරින් මියගොස් ඇත්තේ පරගොඩ ගලහිටිය ප්රදේශයේ ප්රදේශයේ පදිංචිව සිටි එම් එම් සසංක 21තරුණයෙකි
කුපිත වූ ප්රදේශවාසීන් ටිපර් රථයේ ඉදිරිපස කොටස පහළට නවා එහි ඉදිරිපස වීදුරු වලට පොලු මුගුරුවලින් පහර දී දොරවල් ද කඩා බිඳ දමා දැඩි අලාභානි සිදු කර ඇතැයි ඇතැයි පොලිස් නිලධාරියෙක් පැවැසීය
සිද්ධියෙන් බරපතළ තුවාල ලැබූ යතුරුපැදියේ පසුපස ගමන්ගත තරුණයා 1990 සුවසැරිය ගිලන් රථයෙන් බුලත්සිංහල රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්රතිකාර සඳහා හොරණ මූලික රෝහල වෙත රැගෙන යාමට කටයුතු කළ බව රෝහල් ප්රකාශකයෙක් පැවසීය
කළු ගල් පටවා බුලත්සිංහල පරගොඩ මාර්ගයේ මෝල්කාව දෙසට ධාවනය වෙමින් තිබූ ටිපර් රථයකට යතුරු පැදියෙන් ගමන් ගත් තරුණයන් දෙදෙනෙක් එයට ඉස්සර කිරීමට යාමේදී යතුරු පැදිය ටිපර් රථයේ බඳේ ගැටී මත් සමග පැදිකරු සහ පසු පැදිකරු ටිපර් රථය යටට ගොස් පැදිකරු ගේ හිස විරෝධයකට අසුවී එම ස්ථානයේදීම මියගොස් තිබූ බව පොලිසිය කියයි
පසු පැදිකරුගේ පාදයකට සහ අතකට බරපතළ තුවාල සිදුවී ඔහු 1990 සුවසැරිය ගිලන් රථයෙන් බුලත්සිංහල රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්රතිකාර සඳහා හොරණ මූලික රෝහලට ඇතුළත් කළ බව බුලත්සිංහල රෝහලේ ප්රකාශකයෙක් පැවසීය
සිදුවූ අනතුරක් සමඟම අනතුරක් සමග ප්රකෝප වූ ප්රදේශවාසීන් පාලනය කිරීම සඳහා අවට පොලිස් ස්ථාන වල නිලධාරීන් කැඳ වුවද පාලනය කරගත නොහැකි වූ හෙයින් පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් කැඳවා තත්ත්වය පාලනය කිරීමට පියවර ගත් බව උසස් පොලිස් නිලධාරීයෙක් පැවසීය
