ටිපර් රථයක ගැටීමෙන් යතුරුපැදියක ගමන්ගත් දෙදෙනෙක් මරුට
වනාතවිල්ලුව සමගිගම ප්රදේශයේ ඊයේ (06දා) යතුරුපැදියක් ටිපර් රථයක ගැටීමෙන් එම යතුරුපැදියේ ගමන් කරමින් සිටි තරුණයන් දෙදෙනාම මරණයට පත් වූ බව වනාතවිල්ලුව පොලීසිය පවසයි.
මෙසේ මරණයට පත්ව තිබුණේ සාමිනාදන් නන්දදේව නන්දකුමාර් (29) අසංක සංඛ බණ්ඩාර (18) නැමැති දෙදෙනෙකි.
මෙම දෙදෙනා වනාතවිල්ලුව ප්රදේශයේ සිට පුත්තලම බලා එමින් සිටියදී සමගිගම වංගුවේදී ටිපර් රථයේ ගැටි ඇති බව කියයි. ටිපර් රථය යටට ඇදී ගොස් තිබූ යතුරුපැදියේ ඉන්ධන ටැංකිය එකවර පුපුරා යාම නිසා ටිපර් රථය ගිනිගෙන පිළිස්සී තිබූ බවද පොලීසිය පවසයි.
අනතුරත් සමග වනාතවිල්ලුව මාර්ගයේ වාහන තදබදය ක් ඇතිව තිබූ අතර පොලීසිය මැදිහත්ව එය පාලනය කිරීමට කටයුතු කර තිබිනි.
අනතුරින් මරණයට පත්වූ දෙදෙනා වනාතවිල්ලුව 10 කණුව ප්රදේශයේ වාහන පිරිසුදු කිරීමේ ස්ථානයක් පවත්වාගෙන ගිය පුද්ගලයන් දෙදෙනෙකු බවද පැවසෙයි.
පුත්තලම හිරාන් ප්රියංකර
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

