ටෙස්ට් තරග ජයගත හැකි කණ්ඩායමක් අවශ්‍යයි
ටෙස්ට් තරග ජයගත හැකි කණ්ඩායමක් අවශ්‍ය බවත් තරග පැරදුණ විට විශාල ගැටලු ඇතිවෙන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසිය.
අද (21දා) අරලිය ගහ මන්දිරයේ පැවැති වැඩසටහනකදී ඔහු හේ බව පැවැසීය.
“රටේ සමාජය දියුණු කරන්නනම් මහාචාර්යවරු ඕන. ටෙස්ට් මැචි දිනන්න පුළුවන් ක්‍රිකට් කණ්ඩායමක් ඕන. මහාචාර්යවරු හිටියා හොඳම විශ්වවිද්‍යාල තිබුණා කියලා අපේ අය සෑහීමකට පත්වෙන්නේ නෑ.
හැම වෙලාවෙම බලයි ටෙස්ට් මැච් එකේ, පන්දුවාර තරග මැච් එකේ විස්සයි20 මැච් එකේ අපි දිනනවද කියලා. විශ්වවිද්‍යාල පිරිහුණාම ඒ ගැන විශාල ප්‍රශ්ණයක් තිබෙනවා. මැච් එක දිනන්න බැරි වුණොත් ඊටත් වඩා ප්‍රශ්ණයක්. ”
එසේම ශ්‍රී ලංකාවට තවත් උපාධිධාරීන් ලක්ෂ තුනක් අවශ්‍ය බවද ඔහු සඳහන් කළේය. උපාධිධාරීන් වැඩි වශයෙන් බිහිවුවහොත් රට මුහුණ දී තිබෙන ණය අර්බුදය විසඳා ගැනීම පහසුවන වන බවද අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.
දැනට රට තුළ සිටිනුයේ උපාධිධාරීන් ලක්ෂයක් පමණක් බවද ඔහු පවසා සිටියේය.
අධ්‍යාපනය සඳහා වෘත්තීය ප්‍රවේශය - දහතුන් වසරක සහතික කළ අධ්‍යාපන වැඩසටහන හඳුන්වා දීම සඳහා අරලියගහ මන්දිරයේදී මෙම වැඩසටහන පැවැත්විණ.
ඡායාරූප ක්‍රිෂාන් රණසිංහ












popular news
-
Champa Friday, 22 February 2019 05:34 PM
දැන් අර "දන්නෝ බුදුන්ගේ" විකෘති කරලා ගැහැව්වා වගේ වැඩ නැත්ද? 2015 "දන්නෝ බුදුන්ගේ" ගීතය විකෘති කරපු එක සාධාරණීය කරපු රනිල් වික්‍රමසිංහ දැන් ගැමි නැටුමට බැහැලා. චන්ද ලංවෙන කොට දේශපාලකයන්ට ගැමි නැටුම් මතක් වෙනවා, ගැමි ලලනාවෝ මතක් වෙනවා, ගෙවිලියෝ මතක් වෙනවා, දරුවෝ මතක් වෙනවා, පාසල් මතක් වෙනවා, උපාධිධාරීන් මතක් වෙනවා, රජයේ සේවකයෝ මතක් වෙනවා, ගොවියෝ මතක් වෙනවා, කම්කරුවෝ මතක් වෙනවා, හාමුදුරුවරු මතක් වෙනවා. මිනිස්සු දැන් හොඳට තෙම්පරාදු වෙලා ඉන්නේ. ව්‍යාජ දේශපාලකයෝ කවුද අව්‍යාජ දේශපාලකයෝ කවුද කියන එක මිනිස්සු දන්නවා. සිංහල බෞද්ධ ගැමි සමාජය විනාශ කරපු යූඑන්පී එකට බෞද්ධයෝ ආයේ චන්දෙ දෙන්නේ නැහැ. මෙතන තව බරපතල වැරැද්දක් කරලා තියෙනව. දේශපාලකයන්ට බෙර ගහන්න ළමුන් පාවිච්චි කරලා child exploitation එකක් මෙතන කරලා තියෙනව. (ලෝබ නැතුව කියන්න දේකුත් තියෙනව. පින්තූරේ තියෙන නැටුම කරන තරුණියන් සිංහල සංස්කෘතියට සහ සිංහල කුල කාන්තාවන්ට ගැලපෙන විදිහට ඇඟ වහපු ඇඳුම් ඇඳලා ඉන්න එක සහ අහම්බයක් හෝ දැනගෙන කරපු එකක් හෝ වේදිකාව ඉස්සරහ තියෙන මල් සැකසුමේ පාට වලට ගැලපෙන පාටට ඇඳුම් ඇඳලා ඉන්න එකත් ලස්සණයි.)
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

