ටිල්වින්ට කෝටියක වන්දියක් ගෙවීමට විමල්ට නියෝග
ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතාට රුපියල් කෝටියක වන්දියක් ගෙවන ලෙසට ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට අද (11දා) කොළඹ වාණිජ මහාධිකරණය නියෝග කළේය.
ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභාවට සහ දේශපාලන මණ්ඩලයට ටිල්වින් සිල්වා මහතා ඉදිරිපත් කළ අදහස් හා යෝජනා ඇතුළත් කරමින් ‘නැත්ත වෙනුවට ඇත්ත’ නමින් කෘතියක් පළ කරමින් බුද්ධිය දේපළ පනත උල්ලංඝනය කිරීම හේතුවෙනි.
වසර 10ක් පුරා පැවැති නඩුවේ මූලික පෙත්සම් විභාගයෙන් අනතුරුව මෙම තීන්දුව ප්‍රකාශයට පත්කර ඇති අතර එහිදී පැමිණිලිකරු ඉල්ලා සිටි සියලු සහන අධිකරණය විසින් ලබාදුන්නේය.
මෙම පොත මුද්‍රණය, බෙදාහාරිහැරීම හා විකිණීම වළක්වාලමින් මිට පෙර වාරණ නියෝගයක්ද නිකුත් කර තිබුණි.
popular news
-
Sanath Friday, 11 January 2019 02:06 PM
හැමදාම බොරුවෙන් ජය ගන්න හදන උන්ට ඉතාම හොඳ පාඩමක්.
Reply : 0 0
Nandana Friday, 11 January 2019 02:11 PM
ඉතා හොඳ තීන්දුවක් ,දැන් කොහොමද සල්ලි ගෙවන්නේ කියල විමසිල්ලෙන් සිටින්න . ඩේසි ආච්චිගේ මැණික් විකුනපු සල්ලි වලින් ගෙවන්නත් පුළුවන්
Reply : 0 0
Champa Friday, 11 January 2019 05:38 PM
ටිල්වින් සිල්වාගේ අදහස්? ලංකාවේ මිනිස්සු කවදාවත් ටිල්වින් සිල්වාගේ එක අදහසක් අද වෙනතුරු අහල නැහැ. විමල්ගේ අදහස් නම් මුළු ලංකාවම 1990 ගණන් ඉඳන් අහල තියෙනවා. තමන්ගේ අධ්‍යාපනයත් කඩා කප්පල් කරගෙන, ශිෂ්ඨ සමාජය පිළිගන්න විදිහට ජනතා විමුක්ති පෙරමුණ ගොඩ නැඟුවේ විමල්. මිනීමරු සංවිධානයක් විදිහට හංවඩු ගැහිලා තිබ්බ ජනතා විමුක්ති පෙරමුණයි, විමල්ව එලවල ඒකේ දැන් මුල් පෙලේ ඉන්න නායකයොයි (ටිල්වින් තුවක්කු කරේ තියාගෙන යනකොට පොලිසියට අහු වෙලා arrest කරලත් තියෙනව) අද ඉන්න තත්වෙට ආවේ තනිකරම විමල්ගේ ව්‍යක්ත කතා විලාශය හින්ද. විමල් දිවා රෑ නොබලා උගුර ලේ රහ වෙනතුරු වේදිකා ගානේ කෑගහල පක්ෂේ වෙනුවෙන් වැඩ කරපු හින්ද තමයි 2005 ජනතා විමුක්ති පෙරමුණ ආසන 39ක් ගත්තේ. ඊට පස්සේ අනුරයි ටිල්විනුයි විජිතයි තව අනිත් අයට විමල්ගේ ජනප්‍රියත්වය දරා ගන්න බැරුව කුමන්ත්‍රණය කරලා විමල්ට ලැබෙන්න තිබ්බ පක්ෂ නායකකම අනුර අරගෙන විමල් පක්ෂෙන් අයින් කරන්න හදන කොට විමල් ඊට ඉස්සෙල්ල එලියට ආව. එහෙම පක්ෂේ වෙනුවෙන් වැඩ කරපු විමල්ට මෙලෝ අදහස් නොතිබ්බ ටිල්වින්ට වන්දි ගෙවන්න වෙලා. එන්නකෝ ඕගොල්ලෝ චන්දෙකට. යූඑන්පී එක වගේම ජේවීපී එකත් ගෙදර යවන්නඕන
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
