ට්‍රම්ප් සහ බයිඩන් පළමු වැනි මුහුණට මුහුණ සටන ඇරඹේ
එක්සත් ජනපදයේ 2020 ජනාධිපතිවරණ විවාදය ආරම්භ වී ඇති අතර, මෙවර ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා වන ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ හිටපු උප ජනාධිපති ජෝ බයිඩන් මුහුණට මුහුණ සටන පැවැත්වෙයි.
මෙම විවාදයේදී සෑම අංශයක්ම මිනිත්තු 15ක් පමණ පවතිනු ඇති අතර, ෆොක්ස් නිව්ස් සන්ඩේ හි ක්‍රිස් වොලස් විවාදය මෙහෙයවයි.
ජනාධිපති විවාද පිළිබඳ කොමිෂන් සභාවට අනුව වොලස් විසින් මෙහි ඉතිරි කාලය මෙම මාතෘකාවන් පිළිබඳ වැඩිදුර සාකච්ඡා කිරීම සඳහා යොදා ගනු ඇත.
විශේෂයෙන්ම නව කොරෝනා වෛරසය හමුවේ ඇමෙරිකානු මරණ ලක්ෂ 2ක් ඉක්මවා, මිලියන 30ක පමණ ජනතාවට රැකියා අහිමි වී ඇති පසුබිමක ජෝ බයිඩන් බොහෝ ආයුද රැගෙන මෙම සටනට පිවිස සිටියි.
එමෙන්ම වර්ෂ 2000 සිට ආරම්භ වූ වසර 15 න් 10 ක් තුළ ෆෙඩරල් ආදායම් බදු නොගෙවූ බවට නිව්යෝක් ටයිම්ස් පුවත්පතේ විශ්මයජනක නව වාර්තාවේ සත්‍ය අසත්‍යතාව ගැන පැහැදිලි කිරීම සඳහාද මෙහිදී ට්‍රම්ප්ට අවස්ථාව උදාවුවත්, මෙය සෑම අතින්ම තුරුම්පු රැසක් බයිඩන් සතුව පවතින විවාදයක් බව කියැවෙයි.

popular news
-
Kumar Wednesday, 30 September 2020 09:52 PM
Yesterdays debate was interesting. Trump was interrupting, not allowing Biden to answer his portion of the questions, like clown as mentioned by Biden. For the first time on live TV a US president asked to shut up very politely. It appears that the moderator who was from a TV network that praises Trump all the time, didn't make much of an effort to control Trump. Trump refused to denounce groups associated to the clan.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

