ඥානසාර හිමියි ඒකාබද්ධ මන්ත්රීනුයි ගම්මන්පිල බලන්න යති
රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පිවිතුරු හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතාගේ සුවදුක් විමසීම සඳහා ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් අද (20දා) පෙරවරුවේ මැගසින් බන්ධනාගාරයට පැමිණියහ.
මෙහිදී මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා විසින් ධාවනය කළ රථයක නැගී දිනේෂ් ගුණවර්ධන, බන්දුල ගුණවර්ධන, සිසිර ජයකොඩි, ඩලස් අලහප්පෙරුම යන මහත්වරු ප්‍රථමයෙන්ම පැමිණියහ.
ඉන්පසුව කුමාර වෙල්ගම, මහින්දයාපා අබේවර්ධන, ගාමිණී ලොකුගේ, ප්‍රසන්න රණවීර, ෂෙහාන් සෝමසිංහ, කනක හේරත් යන මහත්වරුන් වෙන වෙනම පැමිණ සිටියහ.
බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමි, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර, බස්නාහිර පළාත් සභා මන්ත්‍රී රජිත හපුආරච්චි, හිටපු ජනපති පුත් යෝෂිත රාජපක්ෂද ගම්මන්පිල මහතා හමුවීමට පැමිණියහ.
අත්අඩංගුවේ පසුවන හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා මුණගැසීමටද මෙම පිරිස ගොස් තිබුණි.
ඡායාරූප ඉසුරු පෙරේරා
ඡායාරූප - ඉසුරු පෙරේරා
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.



























