ඥානසාර හිමිට සමාව දෙනවට නීතිඥවරු පිරිසක් එරෙහි වෙති
අධිකරණයට අපහාස කිරීමේ චෝදනා යටතේ වරදකරු බවට පත්ව ඇති බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජනපති සමාවක් ලබාගැනීම සඳහා මේ වන විට විවිධ පාර්ශ්ව උත්සාහ කරමින් සිටියි.
කේසේ වෙතත් ඒ සඳහා මුලින්ම අතුරුදන්ව ඇති මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැලිගොඩ එරෙහි වූ අතර දැන් ප්රජාතන්ත්රවාදය සඳහා නීතිඥයෝ නම් සංවිධානයද එරෙහි වී තිබේ.
එම විරෝධතාව දක්වමින් ඔවුන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ලිපියක්ද යොමුකර තිබේ.ඒ අනුව ඥානසාර හිමට ජනපති සමාව ලබාදීමට ප්‍රථමව ඒ පිළිබඳව නැවත සළකා බලන ලෙසත් ඔවුන් සිය ලිපියෙන් ඉල්ලා සිටියි.


popular news
-
Champa Thursday, 31 January 2019 10:08 AM
මේ NGO වලින් පඩි ලැබෙන ෆෙඩරල් කාක්කෝ ටිකක් කාක් කාක් ගානවා. කාක් ගාන ගානට තමයි සල්ලි ලැබෙන්නේ. එදා පටන්ම සන්ධ්‍යා දුවන්නෙත් NGO සල්ලි වලින්.
Reply : 0 0
Lal Thursday, 31 January 2019 10:50 AM
වෛද්‍යවරයෙක්ගේ දියනියක් දූෂනය කල වරදට හිරගෙට ගිය මදාවියෙකුට එක්තරා ජනාධිපතියෙක් සමාවදී නොනවතී මුළු දිවයිනටම බලපාන සාමදාන විනිසුරුකමකුත් පිරිනැමුවා.එදා එයට විරුද්ධව මොකෙක්වත් කට ඇරියේ නැහැ.මොකද ගරු ගලබොඩඅත්තේ ඥානසාර ස්වාමීන්වහාන්සේ මිනීමරලද,මංකොල්ලාකාලද,ස්ත්රීදූෂනය කරලද,මත්ද්‍රව්‍ය විකුනලද,ත්රස්වාදික්රියාකරලද?ජනාධිපතිගේ ප්‍රතිචාරය පිලිබද සිංහල බෞද්ධයෝ අවධානයෙන්...
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
