ඥානසාර හිමිට ජනපති සමාව ඉල්ලා හින්දු කෝවිල් 400කින් වෙන වෙනම ලිපි
දැනට සිරගතව සිටින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ඉල්ලා හින්දු කෝවිල් 400ක් විසින් වෙන වෙනම ලිපි සකස් කර මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතාට භාරදීමට සැලසුම් කර තිබේ.
මෙම ලිපි මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා වෙත හෙට(16දා) දිනයේ භාරදීමටත්,ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එම ලිපි ලබාදෙන ලෙස ඉල්ලීමක් කිරීමටත් සමස්ත ලංකා හින්දු සම්මේලනය යොදාගෙන තිබේ.
ඥානසාර හිමියන්ට ඉතා ඉක්මනින් ජනාධිපති නිදහස ලබාදිය යුතුය යන්න හින්දු ජනතාවගේ අදහසයැයි සමස්ත ලංකා හින්දු සම්මේලනයේ ප්‍රකාශකයෙක් පැවසීය.
මේ අතර වයඹ ශාසනාරක්ෂක බලමණ්ඩලය විසින් එම පළාතේ සියලුම ශාසනාරක්ෂක බලමණ්ඩලවල ඉල්ලීම් ඇතුළත් ලිපියක් වයඹ ආණ්ඩුකාර මාර්ෂල් පෙරේරා මහතාට ලබන18 වැනිදා භාරදීමට සැලසුම් කර තිබේ.

popular news
-
rocky Tuesday, 15 January 2019 06:48 AM
ඒ හින්දු කෝවිල් වල පූෂාරිලට ඩොලර්වලින් කීය ගානේ දුන්නද නැත් නම් පොරොන්දු වුනාද දන්නේ නැහැ. මේක තවත් කුමන්ත්‍රණයක්! මේ හාමුදුරුවන්ව එලියට දා ගන්න මුන්ට තියන උවමනාව මොකද්ද? මෛත්‍රී ගුණරත්නව අපි අඳුනනවනේ!
Reply : 0 0
Champa Tuesday, 15 January 2019 12:41 PM
මේක දෙමල ජනාධිපතිගේ ඊළඟ කුමන්ත්‍රණය. හින්දු පූජකයන්ට එකපාරට ඥානසාර හාමදුරුවෝ ගැන ආපු කැක්කුම මොකක්ද? මේ කරන්න හදන්නේ ඊට පස්සේ හිරේ ඉන්න දෙමල ත්‍රස්තවාදීන්වත් මේ විදිහටම ඉල්ලීමක් කරලා නිදහස් කරන්න කියලා ඉල්ලන එක. මේක තේරෙන්නේ නැත්නම් අපි සිංහලයෝ නෙමෙයි. දෙමල ත්‍රස්තවාදීන නිදහස් කිරීම පිටිපස්සේ බැසිලුයි නාමලුයි දෙන්නත් ඉන්නවා. දෙමල චන්ද ගන්න ඕනේ පාවා දීමක් කරන්න පොහොට්ටුව ලෑස්තියි. සිරිසේන ගැනත් කියන්න තියෙන්නේ ඒකමයි. උතුරේ සිංහල ආණ්ඩුකාරය එලවල දැන් බෞද්ධ විරෝධී දෙමල ජාතිවාදියෙක්ව දාල තියෙනව. ආපු ගමන් ඉස්සෙල්ලම කිව්වේ උතුර බෞද්ධකරණීය කරන එක නවත්තන්නලු. එහෙම වචනයක් ශබ්ද කෝෂයේ නැහැ. දැන් අලුත් වචනයක් හදල තියෙනවා බුදු හාමුදුරුවෝ දෙවෙනියට වැඩම කරපු උතුර, සංඝ මිත්ත තෙරණිය ශ්‍රී මහා බෝධිය ඉස්සෙල්ලම වැඩම කරපු උතුරේ පන්සල් විහාර ඉඩම් බුදු පිළිම ඔක්කොම අපිට අහිමි වෙන්න යනවා. සිංහල ජාතියටයි බුද්ධාගමටයි හතුරුකම් කරපු මේ වගේ පාලකයෙක් ඉතිහාසයටම නැහැ. හාමුදුරුවරු මේවට නිහඬයි. දෙමල ත්රස්තවාදීන් නිදහස් කරන්න කියන රාජපක්ෂලා ගැනත් නිහඬයි. සිංහල ජාතිය සිංහලයන් විසින්ම පාවා දෙන මේ වගේ කාලයක් ඉතිහාසයේ නැහැ.
Reply : 0 0
පෙරුමාල් Tuesday, 15 January 2019 05:43 PM
අපේ හාමුදුරුවන්ට විෂ්ණු කතරගම සහ ගණ දෙයියන්ගේ පීටයි.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

