ඥානසාර හිමිට එරෙහි අභියාචනාධිකරණ නඩුවේ තීන්දුව හෙට
මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ මහතා පැහැරගෙන ගොස් මරා දමන ලදැයි කියන සිද්ධියට අදාළව සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ්භාරයට පත් කොට ඇති යුදහමුදා බුද්ධි අංශ සාමාජිකයන් නවදෙනෙකු හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරයා විනිශ්චසනාරූඪ වී සිටියදීම අධිකරණය තුළට පැමිණ අධිකරණයට අපහාස වන අන්දමින් බැණ වැදුණු බවට ඥානසාර හිමියන්ට එරෙහිව අභියාචනාධිකරණය හමුවේ විභාග කළ නඩුවේ තීන්දුව හෙට (08දා)ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.
හෝමාගම මහේස්ත්‍රාත්වරයා ලෙස කටයුතු කළ දැනට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ලෙස කටයුතු කරන රංග දිසානායක මහතා විසින් අභියාචනාධිකරණයට කරන ලද පැමිණිල්ලකට අනුව සිදුකළ නඩු විභාගයකින් අනතුරුව තීන්දුව ලබාදීම සඳහා පසුගිය ජූලි මස 18 වැනිදා මෙලෙස දින නියම කෙරිණි.
අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සුරසේන සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඬුල්ලක් හමුවේ සිදුකළ නඩු විභාගයකින් අනතුරුව තීන්දුව ලබාදීම සඳහා මෙලෙස දින නියම විය.

popular news
- 
                            
mihidu Tuesday, 07 August 2018 12:48 PM
අභ සරණයි
Reply : 0 0
HARI Tuesday, 07 August 2018 01:22 PM
රේමන්ඩ් එහෙම කේරුවා නාහේ නේ, රේමන්ඩ් කෙරුවනම් තමා මෙයාලා වගේ අය අසනීප වෙනේ
Reply : 0 0
marikkar Tuesday, 07 August 2018 02:28 PM
බඩේ අමාරුවක් කියමින් අද රෝහල් ගතවෙලා තියන්නේ මේ හින්දද?
Reply : 0 0
 
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

                    
                    
                                
                                
                                
                                
 
                                                
                                                
                                                
                                                
                                                
                                                