ඥානසාර හිමිගේ ඉල්ලීමක් අධිකරණයට ඉවත දමයි
අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් තමන් වහන්සේට ලබාදුන් සිර දඬුවමට එරෙහිව අභියාචනාධිකරණයට ඇපෑලක් ඉදිරිපත් කිරීමට අවස්ථාව දෙන ලෙසට පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් කළ ඉල්ලීමක් අභියාචනාධිකරණය අද (31දා) ප්‍රතික්ෂේප කළේය.
අධිකරණයට අපහාස කිරීමේ චෝදනා යටතේ ඥානසාර හිමියන්ට බරපතල වැඩ සහිත වසර හයක සිර දඬුවමක් අභියාචනාධිකරණය පසුගියදා ලබාදුන්නේය.
අභියාචනාධිකරණය සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන සහ ශිරාන් ගුණරත්න යන විනිසුරු මඩුල්ල ඥානසාර හිමියන් කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කරනු ලැබීය.
ඥානසාර හිමියන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න මහතා අධිකරණයෙන් මෙම ඉල්ලීම කළේය.

popular news
-
Deepal Nirosh Friday, 31 August 2018 03:53 PM
අනේ අපේ අතිගරු හාමුදුරුවනේ, ඔබ වහන්සේ සැබැවින්ම සටන් කළේ රට ජාතිය ආගම වෙනුවෙන් නම් මේ විදියට අධිකරණ තීන්දුව අභියායචනයට ලක් කිරීමට වඩා නියමිත කාලය සිර දඬුවම විඳ නිදහස් වීම කෙතරම් ගෞරවාන්විත ද? නැවත ඔය නීතිඥ මහත්වරුන් දෙන ලණුවලට අහුවෙන්න එපා තියලයි අපි වැඳ නමස්කාරයෙන් ඉල්ලා සිටින්නෙ. සිර මැදිරිය මහණ දම් පුරන්න තෝ් තැන්නක්.
Reply : 11 0
ravi Friday, 31 August 2018 03:59 PM
මේ දඬුවම , අදිකරණයට අපහාස කිරීම නිසා පමණයි .. එත් "නනසාරට" ගොනු වෙන්න තිබුණු අනිකුත් චෝදනාවන් මෙතෙන්ට ගොනු උනානම් .. මෙයට මුළු ජීවිත කාලයම .. බන්දනාගාර ගතවෙන්න සිදුවීම නියතයි ..!
Reply : 11 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
