බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව මගින් ජුනි මස 20 වෙනි දින පැවැත්විමට නියමිතව තිබු දහම් පාසල් ගුරු සහතික පත්‍ර විභාගය එදින නොපැවැත්වෙන බව බෞද්ධ කටයුතු පිළිබදව දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
දහම්පාසල් ගුරුභවතුන්ගේ දැනුම,කුසලතා හා ආකල්ප වර්ධනය කිරිමේ අරමුණින් වාර්ෂිතව දිප ව්‍යාප්ත මට්ටමින් පවත්වනු ලබන මෙම විභාගය සදහා මෙවර දිවයිනේ සියලුම දිස්ත්‍රික්ක ආවරණය කරමින් ගුරු භවතුන් 16000කට අධික ප්‍රමාණයක් අයදුම්පත් යොමු කොට ඇත.
පවතින කෝව්ඩි වසංගත තත්ත්වය හමුවේ සෞඛ්‍ය අංශ වෙතින් ලබා දි ඇති උපදෙස් ක්‍රියාත්මක කළ යුතු නිසා මෙම විභාගය ඉදිරියේදි වෙනත් සුදුසු දිනයකදි පැවැත්විමට සංවිධානය කරන බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.
