ජීව උණ්ඩ 18ක් සමග පුද්ගලයෙක් අල්ලයි
ජීව උණ්ඩ 18 ක් ඇතුළු උණ්ඩ 28 ක් සමඟ සැකපිට පුද්ගලයෙකු කඩුගන්නාව නගරයේදී පෙරේදා (15) පස්වරුවේ අත්අඩංගුවට ගත් බව කඩුගන්නාව පොලීසිය පවසයි.
එම උණ්ඩ අතර එල්.එම්.ජී ජීව උණ්ඩ 18 ක් මිලි මීටර් 09 ජීව උණ්ඩ 03 ක් හා එම වර්ගයේ පුහුණු උණ්ඩ 07 ක් සැකකරු සන්තකයේ තිබී සොයා ගත් බව පොලීසිය පවසයි.
සැකකරු 28 හැවිරිදි වියේ පසුවන අතර පිත්තල සඳහා අළෙවි කිරීම සඳහා මෙම ජීව උණ්ඩ කඩුගන්නාවේ ගොඩනැගිලි ද්‍රව්‍ය අළෙවි ස්ථානයකට රැගෙන ගිය පොලීසියට පවසා ඇත.
කඩුගන්නාවේ සිට පොත්තපිටිය දක්වා ඇති මාර්ගයේ පිහිටි දිට්වා වලින් හානිවූ නිවසක ලී පෙට්ටියක තිබී මෙම උණ්ඩ සොයා ගත් බව සැකකරු පොලීසියට පවසා ඇති අතර සැකකරු තාවකාලිකාව කඩුගන්නාව ප්‍රදේශයේ පදිංචිව සිට ඇති අතර ඔහු මිනුවන්ගොඩ පිහිල්ලවත්තේ පදිංචිකරුවෙකු බවට පොලිස් විමර්ශන වලදි තහවුරු වි ඇත
පොලිස් විශේෂ කාර්යාංශයට ලද තොරතුරකට අනුව කඩුගන්නාව පොලීසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කළුගම්පිටිය මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් පරීක්ෂක අබේරත්න මහතා ඇතුළු කණ්ඩායමක් විසින් සැකකරු අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
