ජීවන වියදම වැඩි වුණාට ආදායම වැඩි වුණේ නෑ
ආණ්ඩුව පත් වූ දින සිට ජීවන වියදම් දිගින් දිගටම ඉහළ යමින් තිබෙන බවත්, එහෙත් ඊට සා‘පේක්ෂව ජනතාවගේ අදායම් තත්ත්වය ඉහළ ගොස් නොමැති බවත් ජාතික වෘත්තිය සමිති මධ්‍යස්ථානය සඳහන් කරයි.
මේ නිසා ආණ්ඩුව වහාම බඩුමිල පහත දැමිය යුතු බවත්, මීට රාජ්‍ය සේවක වැටුප ඉහළ දමා වතු සේවකයන්ට මාසික වැටුප් ක්‍රමයක් ඇතිකළ යුතු බවත් එම මධ්‍යස්ථානයේ සභාපති කේ.ඩී. ලාල්කාන්ත මහතා සඳහන් කළේය.
ජීවන වියදමට සරිලන වැටුපක් ලබාදෙන ලෙස, අර්ථ සාධක අරමුදල අනතුරේ හෙළීම නවතා දමන ලෙස, රාජ්‍ය සේවක විශ්‍රාම වැටුප නැවත ඇතිකරන ලෙස සහ වතු සේවකයන්ට මාසික වැටුපක් ලබාදෙන ලෙස ඉල්ලමින් අද (04දා) කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී අත් පත්‍රිකා බෙදාහැරීමේ අවස්ථාවට සහභාගි වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
අත් පත්‍රිකා දසලක්ෂයක් රට පුරා බෙදාහැර ජනතාව දැනුවත් කර ඉල්ලීම් දිනාගැනීම සඳහා වැඩබිම් ඉලක්ක කර ගනිමින් උද්ඝෝෂණ මාලාවක් හා දිස්ත්‍රික් උද්ඝෝෂණ මාලාවක් සහ ජාතික මට්ටමේ උද්ඝෝෂණමාලා පවත්වන බවත් ඒ සඳහා ප්‍රතිචාර නොලබුණහොත් රාජ්‍ය අර්ධ රාජ්‍ය පෞද්ගලික අංශ වැඩ වර්ජනයක් දියත් කිරීමට කටයුතු කරන බවත් හෙතෙම එහිදී පවසා සිටියේය.
ඡායාරූප - ඉසුරු පෙරේරා










popular news
-
Champa Wednesday, 04 July 2018 06:14 PM
හා හා හා JVP එක trick එකක් දාලා. එස්සෙල්ල එකෙයි මේකෙයි වෙනස පේනවා. දැන් අනුර කුමාර නායකත්වයෙන් අස් වෙලා ලාල්කාන්තට ජනතා විමුක්ති පෙරමුණ බාර දෙන්න ඕනේ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

