ජීවන් තොණ්ඩමන් ඉදිරි මහ මැතිවරණයට පොදුජන පෙරමුණෙන් තරඟ කිරිමට අත්සන් තබයි
ඉදිරි මහ මැතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරග කිරීම සඳහා අභාවප්‍රාප්ත ආරුමුගම් තොණ්ඩමාන් මහතාගේ පුත් ජීවන් තොණ්ඩමාන් මහතා කොටගල පිහිටි ලංකා කම්කරු කොංග්රස් මුලස්ථානයේදි නුවරඑළිය දිස්ත්‍රික් නාම යෝජනා පත්‍රයට අද (04) අත්සන් තැබුහ.
අභාවප්ප්‍රාත්ත ලංකා කම්කරු කොංග්‍රසයේ හිටපු නායක ආරුමුගම් තොණ්ඩමාන් මහතා නුවරඑළිය දිස්ත්‍රික්කය නියෝජනය කරමින් මෙවර මහ මැතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ තරග කිරීමට පියවර ගෙන තිබු අතර ඒ මහතාගේ අභාවයෙන් පුරප්පාඩු වු නාම යෝජනාව සඳහා මෙසේ ජීවන් තොණ්ඩමාන් මහතා අත්සන් තැබීය.
ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ නිලධාරීන් හා නීතිඥ මඩුල්ලක් ඉදිරියේ ජීවන් තොණ්ඩමාන් මහතා නාම යෝජනා පත්‍රය සඳහා අත්සන් තබන ලද අතර එම අවස්ථාවට ලංකා කම්කරු කොංග්‍රසයේ උප සභාපතිවරුන්වන ඒ. පී. ශක්තිවේල්, මරදපාණ්ඩි රාමේෂ්වරන්, නීතිඥ පී. රාජතුරෙයි ඇතුළු තොණ්ඩමාන් පවුලේ සාමාජිකයන් පිරිසක් එක්ව සිටියහ.
ශාන් හුලංනුගේ

popular news
-
ගජමෑන් Thursday, 04 June 2020 07:10 PM
මම මෙතෙක්කල් හිතා හිටියේ නාමයෝජනා පත්‍රයට අත්සන් කලයුත්තේ නාමයෝජනා දීමට පෙර කියලයි දැන් නාමයෝජනා භාරදීලත් මාස ගණනක් වෙලා තියෙද්දී මෙහෙම කරන්නෙ කොහොමද කියල පහදා දෙන්න.නොදන්නා නිසා අහන්නෙ.ඇත්තටම මම හිතා හිටියේ ලැයිස්තුවට වැඩිපුර දෙනෙක් යොදන්නේ කෙනෙක් මැරුනොත් එවැනි අවශ්‍යතාවයට කියලයි
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

