වවුනියාව පොලිස් වසමේ මහමයිලන්කුලම අත්පන්දු ක්‍රිඩාංගණය අසල දී වවුනියාව පොලිස් නිලධාරීන් විසින් යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකු විදේශ රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.
ඊයේ (27) සවස 6.10 ට පමණ පොලීසිය විසින් මෙම වැටලීම සිදු කර ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුගෙන් සිදු කරන ලද වැඩිදුර විමර්ශනවදී මෙම සැකකරු වවුනියාව පොලිස් වසමේ දී කාන්තාවන් දෙදෙනෙකුගේ ගෙල බැඳි රන්මාල කොල්ලකෑමේ සිද්ධීන් දෙකකට අවශ්‍යව සිටි සැකකරුවෙක් බවට අනාවරණය වී ඇත.
සැකකරු වයස අවුරුදු 25 ක් යු අසිකුලම්, වවුනියාව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර අද (28) වවුනියාව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
වවුනියාව පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
