ජාලියගොඩදී යතුරු පැදි තරගයක් පැවැත්වූ තරුණයන් 36ට ලක්ෂ 14ක දඬයක්
මුහුණු පොත හරහා සංවිධානය වී කැස්බෑව ජාලියගොඩ විකල්ප මාර්ගයේ යතුරු පැදි තරගයක් පැවැත්වීමේ චෝදනා ලද තරුණයන් 36 දෙනාට රුපියල් ලක්ෂ 14 දඬයක් නියම කිරීමට කැස්බෑව අංක 02 අධිකරණයේ මහේස්ත්‍රාත් රුවන්තිකා මාරසිංහ මහත්මිය නියෝග කළාය.
සැකකාර තරුණයන් වරද පිළි ගැනීමෙන් අනතුරුව එම දඩය නියම කළාය. ඊට අමතරව මහේස්ත්‍රාත්වරිය ඔවුන්ට දැඩි අවවාද කළාය. එලෙස දඬ නියම වූයේ පිළියන්දල, කැස්බෑව ,මොරටුව ,බණ්ඩාරගම,රත්මලාන ,ගල්කිස්ස,කහතුඩුව ,පොල්ගස්ඕවිට පදිංචි තරුණයන් පිරිසකටය.
පොලිස් හදිසි ඇමතුම් අංශයේ 119 දුරකථන අංකයට ලද තොරතුරක් අනුව පිළියන්දල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සනත් රංජිත් මහතා හා පරිපාලන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කමල් කොඩිතුවක්කු මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පොලිස් නිලධාරීන් විසි දෙනෙකුගෙන් පමණ සමන්විත පිරිසක් ඉකුත් 26 වෙනිදා මධ්‍යම රාත්‍රියේ දී මෙම තරුණයන් පිරිස අත්අඩංගුවට ගනු ලැබුවේ ජාලියගොඩ කැස්බෑව විකල්ප මාර්ගයේ අන්තරාදායක ලෙස යතුරු පැදි පදවමින් සිටිය දීය.
බිමල් ශ්‍යාමන්
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
