ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ අධ්යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා එම තනතුරෙන් ඉවත් කර තිබේ.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ඊයේ (10දා) දින සිට ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ ඇතිව ඇති දූෂණ සහ අධ්යක්ෂවරයාගේ අක්රමිකතාවන්ට විරෝධය පා වර්ජන ක්‍රියා මාර්ගයක් දියත් කළ අතර ඒ හේතුවෙන් රට පුරා රෝහල්වල ලේ හිඟයක් ඇතිවිය හැකි බවට බලපෑම්ද එල්ල විය.
