කොරෝනා ව්‍යාප්තියත් සමඟ එය වැළැක්විම සඳහා රජය විසින් අනුමත කර ඇති මාර්ගෝපදේශ ,සංචාරකයින් මඟ පෙන්වන්නන් සහ සෆාරි ජිප් රථ රියදුරන් තරයේ පිළිපැදිය යුතු බව වනජිවි දෙපාර්තමේන්තුව පවසයි.
එමෙන්ම උද්භිත උද්‍යාන තුළට ඇතුළු වන වාහන සංඛ්‍යාවද සිමා කිරිමට පියවර ගෙන තිබේ.
යාල සහ උඩවලව ජාතික උද්‍යාන වලට දිනකදි ඇතුළු කළ හැකි උපරිම සංඛ්‍යාව 150කි.
මින්නේරිය ,කවුඩුල්ල සහ වස්ගමුව ජාතික උද්‍යාන වලට වාහන 50ක් , විල්පත්තු ජාතික උද්‍යානයට වාහන 80ක් ,හෝර්ටන් තැන්න ජාතික උද්‍යානයට සංචාරක කණ්ඩායම් 50ක් හා පරවි දුපත ජාතික උද්‍යානයට බෝට්ටු 50ක් ලෙස සිමා පැනවිමට එම දෙපාර්තමේන්තුව තිරණය කරයි.
වනජිවි දෙපාර්තමේන්තුව විසින් සපයනු ලබන සංචාරක සේවා සුදුදා සිට ආරම්භ කිරිමට වනජිවි දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබේ.
