ජාතික ආරක්ෂාව බරපතල ගැටලුවක - සජිත්
ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාව බරපතල ගැටලුවට පත්ව ඇති බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. අද (11දා) පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය.
“කොරෝනා උවදුරත් සමග රජය ප්‍රකාශයට පත්කළා ලීසින් සහන ලබා දෙනවා කියලා. නමුත් මහ පොළෙවේ ලීසින් සහන ක්‍රියාත්මක වුණේ නෑ. මේ නිසා රටේ ලක්ෂ සංඛ්‍යාත ත්‍රි රෝද රථ රියදුරන්ගේ ත්‍රිරෝද රථ බලහත්කාරයෙන් ලීසින් කොම්පැණි පැහැර ගත්තා.
මේ ප්රශ්නය නිසා සුනිල් ජයවර්ධන මැතිතුමාට ජීවිතයත් අහිමිවෙලා තිබෙනවා. ඒ ලීසිං සහනය හරියාකාරව ප්‍රකාශ නොකිරීමයි. සුරංගනා ලෝකයෙක් පෙන්වූවා ත්‍රි රෝද රථ රියදුරන්ට දේශපාලන වාසි තකාගෙන.
නමුත් මේ දේශපාලන වාසි ලබාගැනීමේ සංස්කෘතිය තුළ ජීවිතයක් අහිමි වෙලා තිබෙනවා. පසුගිය දින කිහිපය තුළ ගත්තාම පැහැරගැනීම්, පහරදීම්, මුදල් සොරා ගැනීම්, ඝාතන. ජාතික ආරක්ෂාවට මොකද වෙලා තියෙන්නේ.
ඒක බරපතල ගැටලුවක්. නායකයෙක් මෙහෙම අමු අමුවේ ඝාතනය කරන්න පුළුවන්ද? කෝ අපේ ජනතාවට තිබෙන ආරක්ෂාව. උද්ඝෝෂණයක් ක්‍රියාත්මක කරන්න බෑ ගුටිබැට දෙනවා.”

popular news
-
Deepal Nirosh Friday, 12 June 2020 10:13 AM
මේක ඇත්තටම බරපතල තත්ත්වයක්, දුර දිග ගියොත් ත්‍රස්තවාදයටත් ඒහා භයානක ප්‍රශ්නයක් වේවි. මොකද යුද්ධ කාලෙවත් මේ විදියට මිනිස්සු ඝාතනය කළේ නැහැ. මේ ඝාතකයින් කොහොමද රටේ ඉතා ප්‍රසිද්ධ ස්ථානයක දි නීතිය අතට ගත්තෙ?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

