ජවිපේ - TNA සාකච්ඡා අද
ජනතා විමුක්ති පෙරමුණ විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද විධායක ජනාධිපතිධුරය අහෝසිකිරීම ඇතුළු විසිවැනි සංශෝධනය සඳහා පාර්ලිමේන්තුවේ සහාය ලබා ගැනීමට ජනතා විමුක්ති පෙරමුණ සහ ද්‍රවිඩ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතා ඇතුළු ද්‍රවිඩ ජාතික සන්ධාන මනිත්‍රීවරුන් සමග අද (11දා) සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතය.
මෙම සාකච්ඡාව අද (11දා) සවස 2.00ට බත්තරමුල්ල පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන කාර්යාලයේදී පැවැත්වෙන අතර, ඊට ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විජිත හේරත් සහ සුනිල් හඳුන්නෙත්ති යන මහත්වරුන්ද සහභාගි වීමට නියමිතය.
එමෙන්ම ඉදිරියේදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු එක්සත් ජාතික පක්ෂ නියෝජිතයන් සමගද, විධායක ජනාධිපතිධුරය අහෝසි කිරීම පිළිබඳ සාකච්ඡා කරන බව ජනතා විමුක්ති පෙරමුණ මන්ත්‍රී, වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළේය.
එමෙන්ම ඉදිරි සති දෙක තුළ රවුෆ් හකීම් මහතා ඇතුළු ශ්‍රීලංකා මුස්ලිම් කොංග්‍රසය, මනෝ ගනේෂන් මහතා ඇතුළු ප්රජාතන්ත්රවාදී ජනතා පක්ෂය, රිෂාඩ් බදියුදීන් මහතා ඇතුළු සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසය, ආරුමුගම් තොණ්ඩමන් මහතා ඇතුළු ලංකා කම්කරු කොංග්‍රසය හා පලනි දිගම්බරන් මහතා ඇතුළු ජාතික කම්කරු සංගමයසමග විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සමබන්ධව ජ.වි.පෙ. විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන විසිවැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධව සාකච්ඡා කරන බවද නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා සමග පසුගිය සතියේ සාකච්ඡා කළ ආකාරයටම අයවැය අවසන්වර ඡන්දය විමසීමට පෙර පාර්ලිමේන්තුවේ සියලුම පක්ෂ සමග මේ පිළිබඳ සාකච්ඡාකර අවසන් කරන බවද ජයතිස්ස මහතා වැඩිදුරටත් පවසා සිටියේය.
මේදිනවල පාර්ලිමේන්තුවේ අයවැය විවාදය පැවැත්වෙන අතර, අයවැය තෙවැනි වර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වීමට ඇත්තේ අප්‍රේල් මස 05 වැනිදාය.
ඊට පෙර විධායක ජනාධිපති ක්‍රමය සම්බන්ධයෙන් සහ පාර්ලිමේන්තු මැතිවරණයක් පැත්වීම සම්බන්ධයෙන් එකඟතාවට පැමිණීමේ සාකච්ඡාද මේ අතර පැවැත්වෙමින් පවතී.
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමටනම්, ඊට පෙර ජනමත විචාරයකට යායුතු බැවින් එය තරමක් ප්‍රමාදවන කටයුත්තක් වන බවද පාර්ලිමේන්තුවේ ඇතැම් පක්ෂ පෙන්වා දී ඇති බව වාර්තාවේ.

popular news
-
Champa Monday, 11 March 2019 11:03 AM
හා හා හා ඊළඟ චන්දෙදි වැලේ වැල් නැති වෙන බව දන්නා හින්ද ජේවීපී එක පිදුරු ගස් හොයා හොයා යනව එල්ලෙන්න. දැන් අනුර කුමාර තමයි කියන්නේ මහින්ද එක්ක ඉන්න ඕනේ කවුද නැත්තේ කවුද කියලා. මහින්ද නැගිටින්න ඕනෙද ඉඳගන්න ඕනෙද කියලා කියන්නේත් අනාගතේ වැලේ වැල් නැතිවෙන මෛත්‍රී. රනිල් මෛත්‍රී දෙන්නම දන්නවා විමල් අයින් කලහම මහින්දට චන්ද කැඩෙනවා කියලා. අන්තිමට මහින්දත් අනුර කුමාරට කිව්වේ විමල් කියපු එකමයි. විධායකය අහෝසි කරන්න 13 නැති කරන්න ඕනේ කියල. රටම විරුද්ධයි විධායකය අහෝසි කරනවට. තියන්නකෝ චන්දයක්. ඊළඟ පාර්ලිමේන්තුවේ ඉන්න ඕනේ කවුද නැත්තේ කවුද කියලා මිනිස්සු තීරනය කරලා ඉවරයි.
Reply : 0 0
Champa Monday, 11 March 2019 06:01 PM
හා හා හා කෝ මගේ comment එක. කියපු වැදගත් දේට බය වෙන්න ඇති. ඒක කියන්න මට වෙන තැන් තියෙනව. චන්දයක් ආවහම පාරටම ඇවිල්ල කියනවා.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

