ශ්‍රී ලංකාවේ වී වගාකරන භූමි ප්‍රමාණයෙන් 1/5ක් පිහිටා ඇති දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ වී වගාකළ ඉඩම් අක්කර ලක්ෂයකට ජලය නොමැතිකමින් ගොවි ජනතාව පීඩාවට පත්ව ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක මහතා පැවසීය.
මේ තත්ත්වය තුළ එම දිස්ත්‍රික්කයේ වී නිෂ්පාදනය 46%කින් පහළ බැස තිබෙන බවත්, එයට විසඳුමක් ලෙස රජය විසින් විදේශයෙන් සහල් ආනයනය කර තිබීම සම්බන්ධව ගොවීන්ගේ විරෝධය පළවී තිබෙන බවත් දිසානායක මහතා කීය.
පසුගිය කන්නයේදී ලැබුණු වී අස්වැන්න විකුණාගත නොහැකිව තවත් ගොවීන් පිරිසක් දුක් විඳින බවත්, අම්පාර දිස්ත්‍රික්කයේ තිබෙන රජයේ වී ගබඩා සියයකට වඩා වසා දමා තිබෙන බැවින් පෞද්ගලික අංශයේ වෙළෙන්දන් විසින් වී කිලෝග්‍රෑම් එකක් රුපියල් 28ක් වැනි අඩු මුදලකට මිලදී ගන්නා බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.
කොළඹදී අද (02දා) පැවති මාධ්‍ය හමුවකදී හෙතෙම මේ බව කියා සිටියේය.
