ජල හා විදුලි බිල්පත් සඳහා සියයට 50ක සහනයක් ලබා දිය යුතු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා පැවැසීය. අද (09) දින කොළඹදී පැවැති මාධ්‍ය හමවුකදී ඔහු මේ බව පැවැසීය.
“අපි සටන් කරපු නිසා රජය තීරණය කරලා තියෙනවලු විදුලි බිලට මාර්තු සහ අප්‍රේල් මාස වල විදුලි බිල් පතට 25% ක සහනයක් දෙන්න. එතකොට වතුර බිලට මොකද වුණේ ? ජල බිල්පතටත් රතු නිවේදන්යත් එක්ක තුන් ගුණයකින් වැඩි වෙලා තියෙන්නේ.
ඒ නිසා 25% ක නෙවෙයි 50% ක සහනයක් ලබා දෙන්න ඕනි ජල සහ විදුලි බිල්පත් වලට. සජිත් ප්‍රේමදාස මහතාගේ රජයක් යටතේ මාර්තු සහ අප්‍රේල් මාස වල ඒකක 100ක් දක්වා ජල සහ විදුලි බිල්පත සම්පූර්ණ්යෙන්ම අපි කපා හරිනවා.
ආදායම් නැති ජනතාවට තමන්ගේ ළමයි පාසල් වලට යවන්න හරි මාරුයි. ඒ නිසා පාසල් ළමුන්ට දිවා ආහාර වේලත් සජිත් ප්‍රේමදාස මහතාගේ රජයක් යටතේ නොමිලයේ ලබා දෙන බව කිව යුතුයි."