රට අභ්‍යන්තරයේ ජල මූලාශ්‍රයන්හි ජලයෙහි ගුණාත්මකභාවය පරීක්ෂා කිරීම සඳහා වන ව්‍යාපෘතියක් 2019 සිට 2020 දක්වා අවුරුදු 02ක කාලයක් තුළ රුපියල් මිලියන 44.9ක පිරිවැයක් දරමින් ක්‍රියාත්මක කිරීමට අදාළව ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවකට ඊයේ (03දා) කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
ජල මූලාශ්‍රයන්හි තිබෙන ජලයෙහි ගුණාත්මකභාවය පරීක්ෂා කිරීම මගින් ජල දූෂණය සඳහා හේතු වන සාධක හඳුනාගැනීම සහ ඒ තත්ත්වයන්ට පිළියම් යෙදීමටත් ඉන් සිදුවන බලපෑම් පිළිබඳ පාසල් ළමයින් හා මහජනතාව දැනුවත් කිරීමේ අවශ්‍යතාව හඳුනාගෙන මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නියමිතය.
ඒ අනුව ඒ සඳහා වන ව්‍යාපෘතිය 2019 සිට 2020 දක්වා අවුරුදු 02ක කාලයක් තුළ රුපියල් මිලියන 44.9ක පිරිවැයක් දරමින් මහවැලි සංවර්ධන හා පරිසර අධිකාරිය විසින් සිදු කිරීමට අදාළව මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් කළ යෝජනාවට මෙලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
