බත්තරමුල්ලේ සිට වැල්ලවත්ත දක්වා ඇති ඇළ මාර්ග හරහාත්, බේරේ වැව හරහා කොටුවේ සිට යූනියන් පෙදෙස දක්වාත්, කැළණි ගඟ හරහා හා අනෙකුත් ජලමාර්ග ඔස්සේ මට්ටක්කුලියේ සිට හංවැල්ල දක්වාත් අභ්‍යන්තර ජල මාර්ග ආශ්‍රිතව මගී ප්‍රවාහන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට රජයේ අවධානය යොමුව තිබේ.
මෙය රාජ්‍ය හා පෞද්ගලික හවුල්කාරිත්ව ව්‍යාපෘතියක් වශයෙන් ක්‍රියාත්මක කිරීමට නියමිතය. මෙයට පෙර ආරම්භයක් වශයෙන් ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහාය ඇතිව බේරේ වැව හරහා කොටුවේ සිට යූනියන් පෙදෙස දක්වා වසර දෙකක කාලයක් නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට නියමිතය.
ඒ සඳහා අවශ්‍ය යාත්‍රා මිල දී ගැනීමට සහ ජැටි ඉදිකිරීමටද සැලසුම් කර ඇති බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අමාත්‍ය මණ්ඩලයට කරුණු ඉදිරිපත් කර ඇත.
