ජලාශ කිහිපයක වාන් දොරටු විවෘත කරයි
මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශලට (08) දින සිට යලිත් අධික වර්ෂාව ලැබිම හේතුවෙන් කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශ වල ජල මට්ටම පිටාර මට්ටමට ඉතා ආසන්න වි ඇති බවත්,ජලාශ කිහිපයක වාන් දොරටු (08) දින පස්වරුවේ සිට විවෘත කර ඇති බව එම ජලාශ භාර ඉංජිනේරුවන් පැවසිය.
විමලසුරෙන්ද්‍ර ජලාශය (08) දින පස්වරුවේ සිට වාන් දැමිමට පටන්ගෙන ඇති අතර , කැනියොන් ජලාශයේ එක් වාන් දොරටුවක් සහ ලක්ෂපාන ජලාශයේ එක් වාන් දොරටුවක් විවෘත කර ඇති බවයි ඉංජිනේරුවන් කියා සිටියේ.
කාසල්රි සහ මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශවලට ඇද හැලෙන අධික වර්ෂාව සමග කාසල්රි ජලාශය පිටාර මට්ටම අඩි 155 ක් වන අතර එය මේ වන විට අඩි 153 (98.7%)දක්වා ඉහල ගොස් ඇති බවයි ජලාශ භාර ඉංජිනේරුවා කියා සිටියේ.
මවුස්සාකැලේ ජලාශය පිටාර මට්ටම අඩි 120 ක් වන අතර , එම ජලාශයේ ජල ධාරිතාව (07) දින අලුයම වන විට අඩි 118.5 (98.75%) දක්වා ඉහල ගොස් ඇති බවද එම ඉංජිනේරුවරයා පැවසිය.
ජලාශ වල ජල ධාරිතාව ඉහල යාමත් සමග කැනියොන් , ලක්ෂපාන, නව ලක්ෂපාන,පොල්පිටිය සහ විමලසුරෙන්ද්‍ර යන ජල විදුලි බලාගාර වල විදුලි උත්පාදනය උපරිම ධාරිතාවෙන් සිදු කරන බව එම ජල විදුලි බලාගාර ඉංජිනේරුවරුන් පැවසිය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

