මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල පුරා මාස 4ක් තිස්සේ පවතින අධික වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් හැටන් ප්‍රදේශයේ වතුකරයේ ජනතාව සහ ප්‍රදේශවාසින් උග්‍ර පානිය ජල ගැටලුවකට මැදි වි සිටියි.
හැටන් පොලිස් වසමට අයත් කුඩාගම , හැටන් දික්ඔය දරවල ප්‍රදේශය අවට තේ වතුවල පදිංචි වතු කම්කරුවන් මෙසේ උග්‍ර පානිය ජල ගැටලුවට මුහුණ පා සිටියි.
මෙතෙක් ඔවුන් ජලය ලබා ගත් ජල මුලාශ පවතින දැඩි වියළි කාලගුණයත් සමග සිදි යාම නිසා පානිය ජලය සොයා තේ වතු හරහා විශාල දුරක් යාමට සිදු වි ඇති බවත්, එසේ ලබා ගන්නා ජලයද පිරිසිදු ජලය නොවන බවයි පිඩාවට පත් ජනතාව කියා සිටියේ.
පවතින ඇදිරි නිතිය හමුවේ ජලය ලබා ගැනිමට විකල්පයක් නොමැති බවත් පවසන පිඩාවට පත් ජනතාව හැටන් ප්‍රදේශයේ අත්‍යවශ්‍යය සේවාවන් සපනය ස්වෙච්ඡා සංවිධාන ඇතුළු ආයතන කිහිපයකින් කල ඉල්ලිමක් මත ලොරි රථ මගින් පිඩාවට පත් ජනතාව පදිංචි ස්ථාන වෙතම ගොස් පානිය ජලය බෙදා හැරිමේ වැඩසටහනක් අද (29) දියත් කරනු ලැබුහ.
පවතින දැඩි නියඟය අවසන් වන තෙක් දිනපතා තමන්ට පානිය ජලය ලබා දිමේ වැඩසටහනක් දියත් කරන ලෙසයි පිඩාවට පත් ජනතාව ඉල්ලා සිටින්නේ.

