ජ්‍යෙ.නි පොලිස්පතිවරු දෙදෙනෙක් ඇතුළු පොලීසියේ 10කගෙන් ප්‍රකාශ ගනී
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමට අදාළ කුමන්ත්‍රණයක් පිළිබඳව දූෂණ විරෝධී බළකායේ මෙහෙයුම් අධ්යක්ෂ නාමල් කුමාර මහතා සිදුකළ හෙළිදරව්වට අනුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනෙකු ඇතුළු පොලිස් නිලධාරීන් දස දෙනෙකුගෙන් මේ වනවිට ප්‍රකාශ සටහන් කරගෙන ඇතැයි වාර්තා වේ.
මීට අමතරව අදාළ හෙළිදරව්ව කළ නාමල් කුමාර මහතාගෙන් අවස්ථා දෙකකදී ප්‍රකාශ සටහන් කරගෙන ඇත.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කිරීම පිළිබඳ නාමල් කුමාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සිදුකළ පැමිණිල්ලට අනුව මෙම ප්‍රකාශ සටහන් කරගෙන ඇත.
මීට අමතරව අදාළ චෝදනාව එල්ල වීම නිසා අනිවාර්ය නිවාඩු යවා සිටින නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතාගේ නිල කාමරයට මුද්‍රා තබා, ලිපිලේඛන කිහිපයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයට ගෙන තිබේ.
දැනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ සටහන් කරගෙන සිටින පොලිස් නිලධාරීන් අතර පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ්, බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ, රාජ්‍ය බුද්ධි සේවාවේ නියෝජ්‍ය පොලිස්පති මිලන්ත ජයවර්ධන, නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු, ඇල්පිටිය කොට්ඨාසය භාර පොලිස් අධිකාරී නිහාල් තල්දූව, තංගල්ල සහකාර පොලිස් අධිකාරී ප්‍රසන්න අල්විස්, වරකාපොල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජනකාන්ත හෙට්ටිආරච්චි යන මහත්වරුන්ගෙන් , තවත් පොලිස් පරීක්ෂකවරයෙකු සහ උප පොලිස් පරීක්ෂකවරුදෙදෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇත.
මීට අමතරව චෝදනා එල්ල වී සිටින අනිවාර්ය නිවාඩු යැවූ නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතාගෙන් ඉදිරි දිනවලදී ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිත බවද වාර්තා වේ.
නාමල් කුමාර මහතා පොලිසියට භාර දී තිබෙන හඬපට අධිකරණ නියෝග මත රජයේ රස පරීක්ෂකවරයාට යවා තිබෙන අතර, නාමල් කුමාර මහතා සහ නාලක ද සිල්වා යන මහත්වරුන් හඬ පරීක්ෂණයකට යොමුකර තිබේ.
popular news
-
Balaweera chandrasiri Wednesday, 03 October 2018 01:53 PM
සිරිසේන උන්නැහේ අහවල් දේකට මේවට අල්ල ගන්නවද ? අපිට නම් හිතෙන්නේ මේක නිකම් තමාවම පුම්බා ගන්න කරන සංදර්ශනයක්!! බලවීර
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

