ජම්පරය අන්දවන යුගයක් රටේ ක්‍රියාත්මකයි - ගෝඨා
ශ්‍රී ලංකාවේ ප්රජාතන්ත්රවාදය, වසර තුනක් ඇතුළත මහින්ද රාජපක්ෂ රජය යුද්ධය අවසන් කර ස්ථාපිත කළ බවත්, නව රජය බලයට පත්ව වසර තුනක් ඇතුළත ප්රජාතන්ත්රවාදය පමණක් නොව රටම විනාශයට පත්කළ බවත් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.
එළිය සංවිධානයේ මාතලේ හමුවට අද (01දා) එක්වෙමින් හිටපු ආරක්ෂක ලේකම්වරයා මේ බව පැවසීය.
තිස් වසරක් පැවැති යුද්ධය නිමා කර වසර තුනකින් ප්රජාතන්ත්රවාදය ස්ථාපිත කරමින්, උතුරු-නැගෙනහිර ප්‍රදේශවල ජනතාවට නිදහසේ ජීවත් වීමට අයිතිය ලබා දුන් බවත්, මෙම ආණ්ඩුව බලයට පත්ව සිදු කර ඇත්තේ එම ස්ථාපිත කර තිබූ නිදහස පාවිච්චි කරමින් දේශපාලන විරුද්ධවාදීන් දඩයම් කිරීම බවත් ගෝඨාභය රාජපක්ෂ මහතා මෙහිදී අවධාරණය කළේය.
මේ වන විට රට පුරා දිනපතා අපරාධ රැල්ලක් වැඩි වී ඇති බවත්, දිනපතාම මිනීමැරුම් රැසක් අසන්නට, දකින්නට ලැබෙන බවත් පැවසූ ඒ මහතා, භික්ෂූන් වහන්සේලාට, දේශපාලනඥයන්ට සහ රටේ පොදු ජනතාවට ජම්පර අන්දවන යුගයක් රට තුළ ක්‍රියාත්මක වන බවත්, මෙම රජය ජම්පර් ප්රජාතන්ත්රවාදය රට තුළ ක්‍රියාත්මක කරන බවත් පවසා සිටියේය.
එහිදී බටලන්ද වධකාගාරය හා සුදුවෑන් සංස්කෘතිය නිර්මාණය කළ පිරිස් වෙනත් කණ්ඩායම්වලට අභූත චෝදනා කරමින් සිටින බවත්, මුස්ලිම් ජනතාවට හා සාමාන්‍ය වැසියාට බොරු සපයමින් මහින්ද රාජපක්ෂ කෙරේ අවිශ්වාසය ගොඩනැගූ බවත් හෙතෙම වැඩිදුරටත් සඳහන් කරයි.

එස්. කරුණාරත්න
popular news
-
Ramesh Sunday, 01 July 2018 06:28 PM
Obathumatanam jampare andana oana karapu paw walata
Reply : 1 0
Ruwan Monday, 02 July 2018 09:26 AM
මෙම ගාතන රැල්ල පසුපස සිටින්නේ ඔබලා යටතේ සිටි පාතාල කල්ලි නිසා මෙය කගේවුවමනාවට වෙනවාද කියා මහජනතාව හොඳින්ම දනී. ඔබලාගේ කාලයේ මෙන් මිනිසුන් අතුරුදහන් වන්නේවත් අහිංසක හිරකරුවන් මරෙන්නේවත් නැති බවත් ඔබ නැතිවුනාට මහජනතාව හොඳින්ම දනී. එමනිසා ඔබලාගේ පැවැත්මට කියන දේවල් මිස මහජනතාවට ඔබලා ගැන කිසිම විශ්වාසයක් නොමැත.
Reply : 0 0
rocky Monday, 02 July 2018 06:30 PM
විලි ලජ්ජා නැතිකම රාජපක්ස පවුලේ ආවේනික ලක්ෂණයක් වෙන්න ඇති. ඇයි යකෝ, කොටින්ගෙන් රට නිදහස් කර ගත්ත ෆොන්සේකා මහත්තයාට බොරු නඩු පටලොලා ජම්පර් එක ගස්සපු හැටි අමතක වුනාද. ඔහෙට චෝදනා එල්ලවෙලා තියන අලුගෝසුකම් මේ රටේ සිහි බුද්ධියක් තියන මිනිස්සුන්ට අමතක වෙන්නේ නැහැ. ඔය පවුලේ හැමෝම ජම්පර් ගැස්සිය යුතු මිනිස්සු! මේක හරියට දේව දත්තය බන කියනවා වගෙයි නේ!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

