ජපානයේ හා කටාර් සිට ලාංකිකයින් 47 දෙනෙකු දිවයිනට
ජපානයේ සහ කටාර් රාජ්‍ය වල රැකියා සදහා ගොස් සිටි ශ්‍රී ලාංකිකයන් 47 දෙනෙකු අද (31) දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත එම රටවල සිට ගුවන් යානා දෙකකින් පැමිණ තිබු බව එම ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය .
පළමුවෙන්ම අද දින අලුයම 1.45 ට කටාර් රාජ්‍යයේ දෝහා සිට පැමිණි කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 668 දරන ගුවන් යානයෙන් එරට නාවිකයන් ලෙස සේවය කළ ශ්‍රී ලාංකිකයන් 41 දෙනෙකු කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
ඉන්පසුව ජපානයේ නරීටා සිට අද දින අලුයම 3.15 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 455 දරන ගුවන් යානයෙන් එරට සේවය කළ ශ්‍රී ලාංකිකයන් 06 දෙනෙකු පැමිණ තිබුණි .
ඔවුන් සියලු දෙනා කටුනායක ගුවන් තොටුපළේ දී පී.සී.ආර්.පරීක්ෂණ වලට ලක් කිරීමෙන් පසුව නීරෝධායන කටයුතු සදහා යොමු කර තිබුණි .
මීට අමතරව අද දින අලුයම 5.20 ට ඉන්දියාවේ චෙන්නායි නුවර සිට ඉන්ඩිගෝ ගුවන් සේවයේ 6 ඊ 9034 දරන විශේෂ ගුවන් යානය ගුවන් මගීන් නොමැතිව මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණ තිබූ අතර , එම ගුවන් යානය ගාල්ල වරායේ නවතා ඇති නැවක සේවය කළ ඉන්දීය ජාතික නාවිකයන් 58 දෙනෙකු රැගෙන යළි ඉන්දියාවේ චෙන්නායි නුවර ගුවන් තොටුපළ බලා අද දින උදෑසන 6.20 ට මත්තල ගුවන් තොටුපළෙන් පිටත්ව යෑමට නියමිත බැව් එම ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා සදහන් කළේය .

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
