ADA
www.ada.lk
2025 සැප්තැම්බර් මස 17 වන බදාදා
ජපානයේ ශ්‍රී ලංකා ශිෂ්‍ය සංගමය, ශ්‍රී ලාංකික ප්‍රජාව සමඟ එක්ව පසුගියදා තෛපොංගල් උත්සවය උත්කර්ෂවත් අන්දමින් සමරනු ලැබීය. විශේෂාංග රැසකින් සපිරුණු එම උත්සවය සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ජපානයේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය ධම්මික ගංගනාත් දිසානායක මහතා සහභාගී විය.
උත්සවයේ සංවිධාන කටයුතුවලදී සිංහල, දමිළ, මුස්ලිම් භේදයකින් තොරව ශ්‍රී ලාංකික සියලුදෙනාගේ සහභාගීත්වයෙන් සිදුවූ අතර එහි පැමිණ සිටි පිරිස වෙනුවෙන් තෛපොංගල් උත්සවයේ අරමුණු පැහැදිලි කිරීමක් ද සිදු කෙරුණි.
තානාපති මහාචාර්ය ධම්මික ගංගානාත් දිසානායක මහතා විසින් සිංහල ගීත කිහිපයක් අළලා සිදු කරනු ලැබූ දේශනය උත්සවයේ කැපීපෙනෙන අංගයක් විය. ශිෂ්‍ය සංගමයේ සාමාජිකයන් විසින් ඉදිරිපත් කරනු ලැබූ නාට්‍යය මෙන් ම සංගීත අංගය ද සහභාගී වූ පිරිසට සුවිශේෂී අත්දැකීමක් විය. 1987 වසරේ පිහිටුවනු ලැබූ ජපානයේ ශ්‍රී ලංකා ශිෂ්‍ය සංගමය විසින් සිංහල-හින්දු අලුත් අවුරුදු උත්සවයට අමතරව තෛපොංගල් උත්සවයද වාර්ෂිකව අඛණ්ඩව සමරනු ලැබේ. ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සහයෝගය ද ඇතිව ශිෂ්‍ය සංගමයේ සභාපති ශ්‍යාම් කුලරත්න සහ ලේකම් හෙෂානි ගමගේ ඇතුළු සාමාජිකයන් විසින් මෙම කටයුතු සංවිධානය කරනු ලැබීය.
popular news
පළාත් සභා මැතිවරණය පැවැත්වීමට සූදානම්
පෞද්ගලික හා ලංගම බස් දෙක රෙස් යයි
පාකිස්තාන ක්‍රීඩකයන්ට අතට අත දීම ඉන්දියාව ප්‍රතික්ෂේප කරයි
මගී ජීවිත තඹයකට මායිම් නොකරමින් ලංගම හා පෞද්ගලික බස් රේස් යයි
නිදි යහනේ මියගිය රාජ්‍ය සේවිකාවගේ මරණය ඝාතනයක් , සාක්කි දෙන්න පැමිණි සැමියා අත්අඩංගුවට
ශ්‍රේෂ්ඨාධිකරණ නඩු කළමණාකරණ පද්ධතිය දියත් කරයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd